Business News

දිවයිනේ ප්‍රදේශ රැසක, සම ඉවත් කළ කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රුපියල් 630ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇල ති‍්‍රපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයි වාර්තා වේ.

කොරෝනා වෛරස් රෝගය නිසා දේශීය හා විදේශීය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් දුෂ්කරතාවන්ට තල්ලු කරමින් අධිවේගී මහාමාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල සිදුකරන වැඩ සඳහා වසර පහක කාලයක් තුලදී ගෙවීම් කිරීමට රජය පෙළඹී ඇත.

බදාදා, 27 මැයි 2020 08:04

රුපියලේ අගය ඉහළ යයි

ශ‍්‍රී ලංකා රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව අද ඉහල ගියා.

2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.8 ක් වූ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණ මේ වසරේදී සියයට 19 කින් පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ.

ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් සඳහා රුපියල් මිලියනයක සහන ණයක් හෝ රුපියල් 50000ක මාසික දීමනාවක් වසරක කාලයක් ලබාදෙන ලෙස සංචාරක වෘත්තිකයන්ගේ සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

COVID-19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට සහාය වීමේ අරමුණින් ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් වන MAS Holdings මේ වන විටත් පියවර රැසක් ගෙන ඇත. එහිදී ගනු ලබන ඇතැම් පියවරයන් අනාගත රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයන් සඳහා මනා පූර්වාදර්ශයක් ලෙසද සැලකිය හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව වසරක ස්ථාවර තැන්පතු සඳහා විශේෂ ඉහළ පොලී අනුපාත හඳුන්වා දීමට කටයුතු කර තිබේ. COVID-19 වසංගතය නිසා ඇතිවූ බලපෑමට පිළියමක් වශයෙන්, ජනතාවට සිය ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලී ආදායම ඉහළ නැංවීමේ අරමුණින් DFCC බැංකුව විසින් මෙම පියවර ගෙන ඇත. මෙම විශේෂ පොලී අනුපාත අවුරුදු 55 ට වැඩි ගනුදෙනුකරුවන්ට හිමිවන අතර, ඔවුන්ට සිය තැන්පතු කල්පිරීමේදී 10% ක ඉහළ පොලියක් සහ මාසිකව පොලිය ලබාගැනීමේදී 9.75% ක සුවිශේෂී ලෙස ඉහළ පොලී අනුපාතයක් හිමි වේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලසීමාව හෙට (26) දින සිට දීර්ඝ කිරීමට පියවර ගෙන ති‌බේ.

රටේ ඇතැම් ප‍්‍රදේශවල පවතින සහල් හිඟය මහා පරිමාණ මෝල් හිමියන් විසින් කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ, සහල් මෝල් හිමියන් පාලන මිලට වඩා වැඩි මුදලකට සහල් තොග වෙළඳපොළ වෙත මුදා හැරීම මෙම තත්ත්වයට හේතු වූ බවයි.

Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website