සෙනසුරාදා, 02 මාර්තු 2024 08:24

සෞඛ්‍ය අති­රේක ලේකම් වෛද්‍ය සමන් රත්නා­යක අත්අ­ඩං­ගු­වට Featured

සීඅ­යි­ඩිය දෙවැනි වර­ටත් පැය 11ක් ප්‍රශ්න කරයි

ප්‍රශ්න­ගත හියු­මන් ඉමි­යු­නෝ­ග්ලො­බි­යු­ලීන් ඖෂ­ධය මිල දී ගැනීම සම්බ­න්ධ­යෙන් සිදු කෙරෙන විම­ර්ශ­න­යට අදා­ළව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් වෛද්‍ය සමන් රත්නා­යක මහ­තා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පැය 11කට අධික කාල­යක් ප්‍රශ්න කිරී­මෙන් අන­තු­රුව ඊයේ (1) අත්අ­ඩං­ගු­වට ගත්තේය.

ඒ මහ­තා­ගෙන් මේ සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න කෙරුණු දෙවැනි අව­ස්ථාව මෙයයි.

මාලි­ගා­කන්ද මහේ­ස්ත්‍රාත් ලෝචනා අබේ­වි­ක්‍රම මහ­ත්මිය විසින් පෙරේදා (29) දුන් නියෝ­ග­ය­කට අනුව වෛද්‍ය සමන් රත්නා­යක මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට පැමි­ණියේ ඊයේ (1) පෙර­වරු 9.00ට පම­ණය.

එහිදී ඔහු­ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණේ විම­ර්ශ­න­ව­ලින් හෙළි වූ මිල දී ගැනී­ම්ව­ලට අදාළ අලුත් තත්ත්ව­යන් සම්බ­න්ධ­යෙන් බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

වෛද්‍ය සමන් රත්නා­යක මහ­තා­ගෙන් මෙයට පෙර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රශ්න කරනු ලැබුවේ ඉකුත් ජන­වාරි 31 දාය. එහිදී පැය 10ක පමණ කාල­යක් ඔහු­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රශ්න කර තිබිණි. අධි­ක­ර­ණය දුන් නියෝ­ග­ය­කට අනුව පසු­ගිය වසරේ දෙසැ­ම්බර් මාසයේ ඔහුගේ කාර්යා­ල­ය­ටද මුද්‍රා තැබී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පිය­වර ගත්තේය. අන­තු­රුව එම කාර්යා­ලයේ තිබුණු වැද­ගත් ලිය­කි­ය­විලි කිහි­ප­යක්ද විම­ර්ශන කට­යුතු සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සිය භාර­යට ගෙන තිබිණි.

DMN

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website