ඉරිදා, 14 මැයි 2023 21:26

දොස්තරලා නැතුව මෝචරි වැසේ – වෛද්‍ය චමල් සංජීව Featured

මෙම වර්ෂයේ දී වෛද්‍යවරුන් දහසකට ආසන්න ප්‍රමාණයක් විශ්‍රාම ගැනීමත් සමග නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතිය පවත්වාගෙන යෑමේ බරපතල අභියෝගයකට ලක් වන බව වෛද්‍ය හා සිවිල් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

මින් වැඩිම පීඩනය ඇති වන්නේ ග්‍රාමීය රෝහල්, වතු රෝහල්, මාතෘ රෝහල්, පර්යන්ත රෝහල්වල බාහිර රෝගී අංශවල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන දුප්පත් අසරණ රෝගීන්ට බව ඒ මහතා වැඩිදුරටත් කියයි.

දැනටමත් මොනරාගල වැනි රෝහල් රැසක ස්ථිර අධිකරණ වෛද්‍ය විශේෂඥයන් නොමැතිවීම නිසා දිවයිනේ ප්‍රදේශ රැසක පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමේ දී ජනතාවට එම මෘත ශරීරය වෙනත් රෝහල්වලට රැගෙන යෑමට සිදුවීම නිසා විශාල මුදලක් දැරීමට සිදුව ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

උතුරු නැගෙනහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකම අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රය සේවය කරන වෛද්‍යවරුන් ද සේවය හැර යෑම හෝ විශ්‍රාම යෑම නිසා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීම සිදුවන බව ද වාර්තා වේ. මුස්ලිම් කලාපවල මෙම තත්ත්වය ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් මරණ නියමිත ආගමික වතාවත් සඳහා භූමදානය කිරීමේ දී ගැටලු ඇතිවන බව ද පෙනී ගොස් ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි.

තම රෝහල්වල පවතින මෙම ගැටලු සම්බන්ධයෙන් බොහෝ රෝහල් අධ්‍යක්ෂකවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් නොකිරීම ද බරපතළ තත්ත්වයක් බව වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

උපාලි ද සේරම්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website