සදුදා, 15 මැයි 2023 20:42

මෝදි කර්නාටක පරදී Featured

රාහුල්ගේ කොන්ග්‍රසයට විශිෂ්ට ජයක්

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත මැතිවරණයෙන් රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොන්ග්‍රසය විශිෂ්ට ජයක් ලැබූ බව වාර්තා වේ. ආසන 224කින් සමන්විත කර්නාටක මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් පත් කරගැනීමට පැවැති මේ මැතිවරණයේදී ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය හමුවේ පාලක භාරතීය ජනතා පක්ෂය ආසන 69කින් පරාජයට පත්වී ඇතැයි වාර්තා වේ. ඉන්දීය කොන්ග්‍රසය ආසන 135ක් ජයගෙන ඇති අතර, භාරතීය ජනතා පක්ෂයට ජයගැනීමට හැකි වී ඇත්තේ ආසන 66ක් පමණි. මෝදි රජයේ ප්‍රධානතම බලකොටුවක් ලෙස සැලකෙන කර්නාටක ප්‍රාන්තයේ මැතිවරණයෙන් පරාජයට පත්වන විට එහි බලය හිමිකරගෙන සිටියේ ද භාරතීය ජනතා පක්ෂය විසිනි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website