Editor

Editor

සතොස හරහා අලෙවි කරන ඉන්දියානු බිත්තර මිල අද සිට ඉහළ දමන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂීතතා අමාත්‍යංශය පවසයි.

ඉරිදා, 21 ජනවාරි 2024 13:49

බිලියන 1737ක් ණය පොලී ගෙවලා

රජය විසින් දේශීය හා විදේශීය ණය මත පොලී ගෙවීම සඳහා ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නවයේ දී රුපියල් බිලියන 1,737.3ක මුදලක් වැය කර ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන් වේ.

ඉරානය විසින් පකිස්ථානයට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයන්ට පළිගැනීමක් වශයෙන් පකිස්ථානය විසින් ඉරානයට පෙරේදා (18දා) එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 07 දෙනකු මිය ගොස් තිබේ.

රෝගාතුර වීම් හේතුවෙන් එංගලන්තයේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන වේල්ස් හි කුමරිය සැත්කමකට භාජනය කර ඇති අතර තුන්වැනි චාල්ස් රජු ද ඉදිරි සතියේ ප්‍රතිකාරයක් සඳහා රෝහල්ගත වන බව බකිංහැම් මාලිගය විසින් පෙරේදා (17) නිවේදනය කර තිබේ.

සීනි වංචාවෙන් නැතිවූ මුදල් අදාළ සමාගම්වලින් නැවත අය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම් හා වර්තමාන තත්ත්වය හමුවේ ඉදිරියේදී එළවළු මිල තවත් වැඩි වන බවත් , මැයි මාසයෙන් පසුව එළවළු විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ වසර තුළ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ‍්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

ජනතාවගේ මුදල් වංචා කරන පුද්ගලයින්ගේ ඡායාරූප ද ඉදිරියේදී ගුවන්තොටුපොළ තුළ ස්ථාපිත විශේෂිත කැමරා පද්ධතියට ඇතුළත් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website