Editor

Editor

ඉරිදා, 24 දෙසැම්බර් 2023 11:53

උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතරදි පීලිපැනීමට ලක් විමේන් අඩාල වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (24) සාමාන්‍ය පරදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

ඉරිදා, 24 දෙසැම්බර් 2023 11:49

පාලාත් ආයතන ගිනුමත් ඔන්ලයින් වේ

දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවලට සිදු කරනු ලබන සියලු ගනු දෙනු ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය හරහා ගෙවීමේ පහසුකම් ලබන 31 වනදාට පෙර ලබා දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය (UNSC) ගාසා තීරයට වැඩි ආධාර බෙදා හැරීමට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කර ඇත.

ඉරිදා, 24 දෙසැම්බර් 2023 11:42

මෙවර MISS EARTH කිරුළ ඇල්බේනියාවට

ඇල්බේනියාවේ ඩ්‍රිටා සිරි මෙවර මිස් අර්ත් (MISS EARTH) නැතහොත් මිහිකත රූ රැජින කිරුළ දිනාගැනීමට සමත් විය.

මියන්මාරයට ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කිරීමේ සිද්ධියට අවශ්‍ය ව සිටි සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරිදා, 24 දෙසැම්බර් 2023 11:34

ඖෂධ මගඩියේ ලිපි රස පරීක්ෂක ළඟට

ඖෂධ ගෙන්වීමේ වංචාවන්ට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා ඔවුන් පරිහරණය කළ ලිපි ගොනුවල අඩංගු අත්සන් සහ ඇඟිලි සලකුණු සහිත ලිපි රැසක් රජයේ රස පරීක්‍ෂකවරයාගේ පරීක්‍ෂණවලට ලක් කෙරෙයි.

වසර හතරකට පෙර නිරිතදිග චීනයේ රෝහලක සැත්කමකට භාජනය කළ වියපත් කාන්තාවකට සැත්කම අතරතුර පහර දුන් ශල්‍ය වෛද්‍යවරයකුගේ සේවය රෝහල් බලධාරීන් විසින් අත්හිටුවා තිබේ.

සෙනසුරාදා, 23 දෙසැම්බර් 2023 09:39

ඉම්රාන්ට ඇප

පාකිස්තාන් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇප ලබාදී තිබේ.

එළඹෙන ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුවනු ඇතිබවට අදහස් පළවූ ද එවැන්නක් සිදු නොවන බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රළපනාව මහතා පැවසීය.

සෙනසුරාදා, 23 දෙසැම්බර් 2023 09:32

ශ්‍රී ලන්කන්ට නව ගුවන් යානයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා එයාර් බස් ඒ-320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබාගෙන තිබේ.එම යානය ඊයේ මැලේසියාවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website