Editor

Editor

ඉන්දියාවේ මේ දිනවල පැතිර යන ඔමික්‍රෝන් ජේ. එන්. 1 නව කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළු වී ඇති බවට සෞඛ්‍ය අංශ සැක පළ කළත්, ඒ පිළිබඳව පරීක්‍ෂණ සිදුකිරීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයීමට පියවර ගෙන නැතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

ප්‍රමිතියෙන් බාල ඖෂධ සම්බන්ධයෙන් නිශ්චිත ලෙස සාක්ෂි ලැබුණහොත් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගනු ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සඳහන් කරයි.

බෙහෙත් විෂ වීමෙන් සිදු වූ ළමා මරණ සැලකිල්ලට ගෙන ඉන්දියාවේ වයස අවුරුදු හතරෙන් පහළ ළමුන්ට සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ලබා දෙන ප්‍රකට බෙහෙත් සංයෝගයක් ලබා දීම තහනම් කිරීමට එරට ඖෂධ පාලන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

ගාසා තීරයට ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ප්‍රහාරයන් සම්පූර්ණයෙන් නතර කිරීමක් පිළිබඳව මිසක තාවකාලික සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සිකුරාදා, 22 දෙසැම්බර් 2023 11:03

රෝහල් රැසක විකිරණ අංශය බිද වැටෙයි…

රෝහල් රැසක විකිරණ තාක්ෂණික උපකරණ ක්‍රියාවිරහිත වී ඇතිබව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.

සතොස ශාඛා මගින් (21) දින සිට ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තරක් රු 35/= බැගින් එක් පාරිභෝගිකයෙකුට බිත්තර 30 බැගින් නිකුත් කිරිමට පියවර ගෙන ඇත.

මේ දිනවල රට පුරා පැතිර යන උණ,සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස රෝගයන්ට “ජේ.එන්1” කොරෝනා උප ප්‍රබේදයේ බලපෑමක් තිබිය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

වසර තුනකට පසුව විමධ්‍යගත අරමුදල හරහා රුපියල් මිලියන 11,250 ක් නිකුත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එම මුදල් එළැඹෙන ජනවාරි පළමු සතිය වන විට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රාජ්‍ය සමාලෝචන කමිටුව මගින් වසා දැමීමට යෝජනා කළ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, එම ආයතනය ස්ථාපිත කිරීමේ අරමුණුවලට පමණක් සීමාවන පරිදි තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කරයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website