Editor

Editor

බදාදා, 20 දෙසැම්බර් 2023 09:54

තමිල් අරුසු කච්චි තුනට කැඩෙයි!

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ (ITAK) මධ්‍යම කාරක සභාව වවුනියාවේදී පැවැත්වීමට කලින් සූදානම් කොට තිබූ නමුත් එම සමුළුව ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට පෙරේදා (18දා) තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ සාමාජිකයෝ මත තුනකට බෙදී සිටිති.

විදේශ රටවල පර්යේෂණ නෞකාවලට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු කිරීමට අවසර ලබා දීම නැවත සලකා බලනතුරු වසරක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

අඟහරුවාදා, 19 දෙසැම්බර් 2023 10:54

හැදුනුම්පත් ඡායාරූප ගාස්තු ඉහළට

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබේ.

අතරමැදියන්ට මුදල් දී ඊශ්‍රායලයට ගියොත් එරට රජය සමඟ සාකච්ඡා කොට ඔවුන් නැවත ලංකාවට ගෙන්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

අඟහරුවාදා, 19 දෙසැම්බර් 2023 10:48

ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්

ඊජිප්තු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති ෆාටා අල් සීසී ට විශිෂ්ට ජයක් හිමි විය. ෆාටා අල් සීසී ජනාධිපති ධුරයට පත් වූයේ පිටපිට තෙවැනි වරටය.

දිවයින පුරා තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19 ) පස්වරුව දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

අඟහරුවාදා, 19 දෙසැම්බර් 2023 10:43

මුලතිව් අවතැන් පිරිස් පාසල් අටකට

මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 08 ක අද (19) අධ්‍යාපන කටයුතු සිදු නොවන බව මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.

චෝදනා රැසකට වරදකරු වී සිරදඬුවම් විඳින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිටිද්දී, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් ජන රැලියක් ඇමැතුවේය.

චීනයේ බීජිං අගනුවර උමං දුම්රිය මාර්ගයක (14) දින ගමන් ගත් දුම්රිය දෙකක් එකට ගැටීම හේතුවෙන් ඒවායේ ගමන් ගත් මගීන් 500 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඉන් 102 කගේ අස්ථි කැඩී ගොස් ඇතැයි චීන මාධ්‍ය පවසයි.

යුරෝපා සංගමයේ සාමාජික රටක් වන හංගේරියාව විසින් යුරෝපා සංගමය විසින් යුක්‍රේනයට ලබා දීමට ගිය යුරෝ බිලියන 50 ක ආධාර ප්‍රමාණය අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website