වාණිජ දෙපාර්තමේන්තුව

දෙපාර්තමේන්තුවේ මෙහෙවර “රටේ සමස්ත නිෂ්පාදනය, ආදායම සහ රැකියා අවස්ථා වැඩි කිරීම තුළින් සහ එමගින් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබා දෙමින් ජන ජීවිතයේ ගුණාත්මක බව ඉහළ නංවා හොඳ ජීවන මට්ටමක් ජනතාවට ලබා දීමේ අරමුණ පෙරදැරි කරගෙන රජයේ වෙළඳ ප්‍රතිපත්තිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික, කලාපීය සහ බහු පාර්ශ්වික මට්ටමේ විදේශ වෙළඳ සබඳතා ප්‍රවර්ධනය කොට වැඩි දියුණු කිරීම.” ද්විපාර්ශ්වික, කලාපිය සහ බහුපාර්ශ්වික මටිටම් වලදී ශ්‍රී ලංකාව සතු විදේශ වෙළඳ සබඳතා ප්‍රවර්ධනය සහ වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව විදේශ වෙළඳ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සහ සියළු සම්බන්ධීකරණ කටයුතු සහ ක්‍රියාත්මක කටයුතු පිළිබඳ වගකීම වාණිජ දෙපාර්තමේන්තුව විසින් දරනු ලබයි. සංවිධාන ව්‍යුහය වාණිජ දෙපාර්තමේන්තුව වාණිජ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු යටතේ පාලනය කරනු ලබන අතර එහි කාර්යභාරය ප්‍රධාන අංශ 4කට බෙදේ. ඒවා නම්, බහු පාර්ශ්වික වෙළද කටයුතු ද්වි පාර්ශ්වික වෙළඳ සබඳතා කලාපීය සහයෝගිතාවය වෙළඳ ප්‍රවර්ධනය
Address
කොළඹ 02, , , , ශ්‍රී ලංකාව
Telephone
+94 011 2329733 / +94 011 2346114
Fax
+94 011 2430233 / +94 011 2382490