අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (DEA) කුරුඳු, ගම්මිරිස්, එනසල්, කරාඹු නැටි, සාදික්කා, කෝපි, කොකෝ, වැනිලා, බුලත්, පැඟිරි, සේර හා පුවක් යන බහු වාර්ගික, අපනයන කෘෂි බෝග (EAC) කාණ්ඩය, සංවර්ධනයට හා එම බෝගවල නිෂ්පාදනය, නිෂ්පාදනවල තත්වය හා ගුණාත්මක බව වැඩි දියුණු කිරීම පිළිබඳ පර්යේෂණ සිදු කරන 'අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව' සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින රජයේ ප‍්‍රධානතම ආයතනයකි. අපේ දැක්ම "කුළුබඩු හා ආශි‍්‍රත නිෂ්පාදන අපනයනයන්ගේ විශ්ෂ්ඨත්වය තහවුරු කිරීම." අපේ මෙහෙවර "වැඩි විදේශ විනිමයක් ඉපයීමත්, අපනයන කෘෂි බෝග ක්‍ෂේත්‍රයේ නිරත සියලූ පාර්ශවකරුවන්ගේ තිරසාර ආර්ථික හා සමාජීය සංවර්ධනයත් පෙරදැරි කර ගනිමින්, පරිසරය සුරුකෙන අයුරින් අපනයන කෘෂි බෝග නිෂ්පාදනවල ප‍්‍රමාණාත්මක හා ගුණාත්මක ප‍්‍රවර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය වන්නාවූ පර්යේෂණ හා සංවර්ධන කි‍්‍රයාවලිය සැලසුම් කිරීම හා කි‍්‍රයාත්මක කිරීම."
Address
කෘෂි අපනයන දෙපාර්තමේන්තුව 1095,නුවර පාර, පේරාදෙණිය, , , ශ්‍රී ලංකාව
Telephone
94812388651,94812386018,94812386019
Fax
94812388738,94812388362,94812388365