සුරාබදු දෙපාර්තමේන්තුව

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීම සහ මාර්ගෝපදේශකත්වය යටතේ ක්‍රියාත්මක වන සුරාබදු දෙපාර්තමේන්තුවට, රජයේ ප්‍රතිපත්ති හා ඒවාට අදාල සුරාබදු ආදායම් සුරැකීම හා එකතු කිරිම ඇතුළු කටයුතු සඳහා නෛතික අධිකාරය ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ලංකා නීති ප්‍රඥප්ති සංග්‍රහයේ 52 වෙනි අධිකාරය වන සුරාබදු ආඥා පනතෙනි. මේ හැරුණු විට, 1999 අංක 8 දරණ දුම්කොළ බදු පනතෙහි අධිකාරිය පවත්වා ගැනීමේ වගකීම හා පොලිස් හා වෙනත් අදාල නියෝජිතායතනයන් සමඟ, වස, විෂ, අබිං හා අන්තරායකාරී ඖෂධ ආඥා පන‍ෙතහි අධිකාරීය බලාත්මක කිරීමේ සාමුහික වගකීම ද, 2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත ක්‍රියාත්මක කිරිමේ වගකීම ද දෙපාර්තමේන්තුවට පැවැරී ඇති අනිවාර්ය කාර්යයන් වේ. පූර්වෝක්ත ආඥා පනත් හා අදාල පනත්වල සහ ඒවාට අනුශාංගික නීති, රෙගුලාසි, නිවේදන, නියෝග හා විධාන ක්‍රියාත්මක කිරිම සඳහා රජයේ බලධාරී ප්‍රධාන පෙලේ නියෝජිතායතනයක් වශයෙන් මෙම දෙපාර්තමේන්තුව ක්‍රියා කරයි. රටේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා වැය කිරිමට රාජ්‍ය ආදායමෙන් කොටසක් රැස්කර දීමෙන් හා එකී ව්‍යවස්ථාවන් යටතේ ගැනෙන සෑම ආකාරයකම වැරදි වැලැක්වීමෙන් හා ග්‍රහණය කිරීම තුළින් සමාජ ආරක්ෂාව සැලසීමෙහි සුවිශේෂ ජාතික මෙහෙවරක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලැබේ.
Address
34, ඩබ්.ඒ.ඩී. රාමණායක මාවත,, කොළඹ 02, , , ශ්‍රී ලංකාව
Telephone
9411-2300904
Fax
9411-2303258