රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

රස පරීක්ෂකවරයා වන මහාචාර්ය කේ. සී. බ්‍රවුනින් මහතා වර්ෂ 1904 සැප්තැම්බර් මාසයේ දී පත් කරන ලදී. වර්ෂ 1904 ට පෙර, විවිධ වෛද්‍ය නිලධාරින් විසින් ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරියට අමතරව ආණ්ඩුවේ රස පරීක්ෂක කාර්යයද ඉටුකරන ලදී ආරම්භයේ සිටම, දෙපාර්තමේන්තුව විද්‍යාත්මක විෂයයන් සම්බන්ධයෙන් සේවා සපයන දෙපාර්තමේන්තුවක් විය. වැඩෙහි ස්වභාවය සහ ප්‍රමාණය වැඩිවත්ම පහසුව සඳහා දෙපාර්තමේන්තුව ප්‍රධාන අංශ දෙකකට බෙදන ලදී. ආහාර සහ ඖෂධ අංශය අධිකරණ විද්‍යා අංශය වර්ෂ 1935 දී අධිකරණ විද්‍යා සැකකටයුතු ලේඛන පරීක්ෂා කිරීම සඳහා අලුත් අංශයක් පිහිටුවන ලදී. එය ආණ්ඩුවේ සැකකටයුතු ලේඛන අංශය යනුවෙන් නම් කරන ලදී. ආණ්ඩුවේ රස පරීක්ෂක ආයතනය ආණ්ඩුවේ වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස පිහිටුවන ලද්දේ 1913 වර්ෂයේ ජූලි මාසයේ බව සටහන් කිරීම වැදගත් වේ. වර්ෂ 1940 දී ප්‍රථම ශ්‍රී ලාංකික ආණ්ඩුවේ රස පරීක්ෂකවරයා වන ඩබ්. ආර්. ෂන්මුගම් මහතා පත් කරන ලදී. වර්ෂ 1934 දී ටොරින්ටන් චතුරශ්‍රයෙහි ඇති ගොඩනැගිල්ල දෙපාර්මේන්තුවට වෙන් කර දෙන ලදී. වර්ෂ 1938 දී කංසා ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ අධ්‍යයනයේදී විශේෂඥයකු වශයෙන් ආණ්ඩුවේ රස පරීක්ෂකවරයාද පත් කරන ලදී. වර්ෂ 1949 දී ආහාර සහ ‍ඖෂධ පනත සම්මත වූ අතර ආණ්ඩුවේ රස පරීක්ෂකවරයා අනුමත රස පරීක්ෂකවරයකු ලෙස පත් කරන ලදී. 1974 දී ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක තනතුරක් ද ඇති කරන ලදී. වර්ෂ 1975 දී අධිකරණ නිලධාරි සම්මන්ත්‍රණය පවත්වන ලද අතර නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මධ්‍යසාර පිළිබඳව විශ්ලේෂණාත්මක වර්තාවක් ආණ්ඩුවේ රස පරීක්ෂකවරයා විසින් කළයුතු බවට තීරණය වූ අතර එය මේ දක්වාම දිගටම කරගෙන යනු ලැබ ඇත. වර්ෂ 2004 දී, ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් එහි 100 වන සංවත්සරය සමරන ලදී. වර්ෂ 2005 දී ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර අධ්‍යක්ෂ ජනරාල් තත්වය දක්වා උසස් කරන ලදී. ඊට සමගාමීව ආණ්ඩුවේ අතිරේක රස පරීක්ෂක ආණ්ඩුවේ නි‍යෝජ්‍ය රස පරීක්ෂක, සැක කටයුතු ලේඛන පිළිබඳ ආණ්ඩුවේ පරීක්ෂක තනතුර‍ැ ද රජයේ සේවයේ අධ්‍යක්ෂ තත්වය දක්වා උසස් කරන ලදී.
Address
31, ඉසුරු මාවත, පැලවත්ත, බත්තරමුල්ල, , , , ශ්‍රී ලංකාව
Telephone
94 112176800 / 94 112786395
Fax
94 112786394