ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව

දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇති රාජකාරි දේශීය හා විදේශීය අරමුදල් මත ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘතින් ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සහ එම ප්‍රගතිය කාර්තුගත හා අර්ධ වාර්ෂික වාර්තා මගින් ප්‍රකාශයට පත්කිරීම. “රජයේ දින 100 සංවර්ධන වැඩසටහන” ක්‍රියාත්මක වී‍මේ ප්‍රගතිය අධීක්ෂණය හා වාර්තා කිරීම. ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල උපකමිටුවෙහි තීරණයන් ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පසු විපරම් කිරීම හා වාර්තා කිරීම. සෞඛ්‍ය අංශයෙහි විදේශ අරමුදල් වැයයෝජනය හා සම්බන්ධ වූ දර්ශක (DLI) අත්පත් කරගැනීමේ ප්‍රගතිය, එම අරමුදල් ලබා ගැනීම සඳහා සහතික කර ඉදිරිපත් කිරීම විදේශ අරමුදල් ව්‍යාපෘතින්හී කාර්යසාධනය විමර්ශනය කිරීම සඳහා අදාළ අරමුදල් සම්පාදකයින් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම. දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය පිළිබඳ වාර්ෂික වාර්තා සකස් කිරීම. තෝරාගත් නිම වූ ව්‍යාපෘති පිළිබඳව ඇගයීම හා පසු විපරම් කිරීම. රෙඛීය අමාත්‍යාංශ සඳහා “සංවර්ධන ප්‍රතිඵල අරමුණු කරගත් කළමනාකරණ රාමුව” (MfDR) සකස් කිරීමට අවශ්‍ය මග පෙන්වීම හා සහාය දැක්වීම. ව්‍යාපෘති කළමනාකරණය ,අධීක්ෂණය හා පසු විපරම් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධව ධාරිතාව ශක්තිමත් කිරීම
Address
15 වන මට්ටම, මහ බැංකු ගොඩනැගිල්ල 30,ජනාධිපති මාවත, කොළඹ - 01, , , ශ්‍රී ලංකාව
Telephone
+94(0)112477915
Fax
+94(0)112477946