ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව

අපගේ දැක්ම කලාපයේ ප්‍රමුඛතම ආගමන හා විගමන සේවාව බවට පත්වීම. අපගේ මෙහෙවර ජාතික ආරක්ෂාව හා සමාජ හර පද්ධතිය සුරක්ෂිත කිරිම සහ ආර්ථික සංවර්ධනයට ඉඩ ප්‍රස්ථා සලසමින් රටින් බැහැරවන්නන් හා ඇතුළුවන්නන් නියාමනය කිරිම සහ පුරවැසි සේවා සැපයීම. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලතල, කාර්යභාරය සහ ක්‍රියාකාරකම් 1948 අංක 20 දරන ආගමන විගමන පනතේ පූර්විකාවේ සඳහන් පරිදි පහත විධිවිධාන සකස් කිරීමට එය බලාත්මක කර තිබේ. ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන වෙනත් පුද්ගලයන් ශ්‍රී ලංකාවට ඇතුල්වීම පාලනය කිරීම. ශ්‍රී ලාංකික පුරවැසියන් සහ ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටවීම පාලනය කිරීම. ශ්‍රී ලාංකීය පුරවැසියන් නොවන අනවශ්‍ය පුද්ගලයන් ශ්‍රී ලංකාවෙන් බැහැර කිරීම. හෝ වෙනත් නොවැදගත් කරුණු හෝ ඉහත සඳහන් කරුණු හා සම්බන්ධ විධිවිධාන සකස් කිරීම. 1949-11-01 වන දින සිට ආගමන විගමන පනත ක්‍රියාවට නැංවින. පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇත. බලතල පනතේ 4 වගන්තියේ විධිවිධාන යටතේ පත්කර ඇති පාලකයාට සහ අනෙකුත් නිලධාරීන්ට ආගමන විගමන පනත මගින් හෝ යටතේ ප්‍රදානය කර ඇති පනවා ඇති හෝ පවරා ඇති බලතල, රාජකාරීන්, ක්‍රියාකාරකම් ක්‍රියාවේ යෙදවීමට, ඉෂ්ට කිරීමට, ලබාදීමට බලය පවරා ඇත. 2වන වගන්තිය හෝ 31 වන වගන්තිය හෝ 52 වන වගන්තිය මගින් ප්‍රදානය කර ඇති බලතල අමාත්‍යවරයා විසින්ම ක්‍රියාවේ යෙදවිය යුතුය. (පනතේ 4.5.6 සහ 7 වගන්ති බලන්න / පරිපාලනමය සැලසුම් සඳහා ආගමන සහ විගමන පනතේ 11 වන කොටස බලන්න) ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් ශ්‍රී ලංකාවට ඇතුල් වීම ‍පනතේ III වන කොටසේ විධිවිධාන මගින් පාලනය කර තිබේ. අනුමත ඇතුල්වීමේ තොටුපලවල්. ඇතුල්වීමේදී අවශ්‍ය ලියකියවිලි, ශ්‍රී ලංකාවට ඇතුල්වීමට හා රැඳි සිටීමට අවශ්‍ය වීසා, පැමිණීමේදී අවශ්‍ය වෛද්‍ය සහ අනෙකුත් පරීක්ෂණ, පුද්ගලයින් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය පරීක්ෂා කිරීම, ශ්‍රී ලංකාවේ රඳවා ගන්නා සහ ලංකාවෙන් ඉවත් කරන සමහර පුද්ගලයින් යනාදියට අදාළ කරුණු වලට මෙම කොටස සම්බන්ධය. පනතේ IV වන කොටස මගින් ප්‍රදානය කර ඇති බලතල මගින් ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් ලංකාවේ රැඳි සිටින කාලය තුල සිදුකරන ක්‍රියාකාරකම් පරීක්ෂා කෙරේ. ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් අවශ්‍ය විටදී ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම හෝ පිටුවහල් කිරීම පනතේ V සහ VI කොටස් වලින් ප්‍රදානය කර ඇති බලතල මගින් සිදු කෙරේ. පනතේ VII වන කොටස මගින් පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් බැහැර වීම පාලනය කෙරේ. බැහැර වීම සඳහා අනුමත තොටුපළවල්, වලංගු ගමන් බලපත්‍රයක අවශ්‍යතාවය. ඒ හා සම්බන්ධ රෙගුලාසි සැකසීමට අදාළ විධිවිධාන මෙම කොටසේ අඩංගු වේ. මෙම කොටසේ විධිවිධාන ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශිකයන්ට අදාළ වේ. කාර්යභාරය අනුමත ඇතුල් වීමේ ස්ථාන වලදී ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ගේ ගමන් ලිපි ලේඛනවලට අවශ්‍ය පරිදි පිටසන යෙදීම (පනතේ 11 සහ 13 වගන්ති බලන්න) ඇතුල්වීමේ ස්ථාන වල ශ්‍රී ලංකා නොවන පුද්ගලයින්ගේ ලේඛනයක් තබා ගැනීම සහ පවත්වා ගෙන යාම (26 වන වගන්තිය බලන්න) බැහැර වීමේ ස්ථාන වලදී ශ්‍රී ලංකාවෙන් බැහැර වන පුදගලයින්ගේ ගමන් ලිපිලේඛන මුද්‍රා තැබීම සහ ඒ පිළිබඳ වාර්තා පවත්වාගෙන යාම (56 වන රෙගුලාසිය බලන්න) අනුමත තොටුපළවල් වලදී ශ්‍රී ලංකාවට ඇතුල් වන හා ශ්‍රී ලංකාවෙන් බැහැර වන පුද්ගලයින් හඳුනා ගැනීම (37 වන වගන්තිය බලන්න) ක්‍රියාකාරකම් ආගමන විගමන පනත මගින් හෝ යටතේ පවරා ඇති බලතල ක්‍රියාවේ යෙදවීම. ආගමන විගමන පනත මගින් පවරා ඇති රාජකාරීන් ඉෂ්ට කිරීම. ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට සහ රැඳී සිටීමට වීසා නිකුත්
Address
"සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර, බත්තරමුල්ල, , ,
Telephone
94-11-5329000
Fax
94-11-2674621