රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව

1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙස 1956.10.01 දින රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී. 1987 – 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1988-16 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව සිංහල හා දෙමළ භාෂා ද්විත්වය ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා බවට පත් කෙරුණු අතර, ඉංග්‍රීසි සන්ධාන භාෂාව ලෙස නම් කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ඡේදයේ 18 හා 19 වන ව්‍යවස්ථාවල සඳහන් වන පරිදි භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා දැනට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පහසුකම් සලසන්නා ලෙස කටයුතු කරන අතර, ඒ අනුව ඉහත සඳහන් භාෂා තුනට අදාළ පරිවර්තන කටයුතු රජයට සපයාදීමත්, රාජ්‍ය සේවකයන්ගේ භාෂා නිපුණතා වැඩිදියුණු කිරීමත්, පාරිභාෂික ශබ්දමාලා සකස් කිරීමත්, භාෂාව පිළිබඳ පෙළපොත් සහ ශබ්දකෝෂ සම්පාදනය කිරීමත් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබයි. වර්තමානයේ රාජ්‍ය පරිපාලන, බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම දෙපාර්තමේන්තු‍වේ ප්‍රධාන තනතුර රාජ්‍ය භාෂා කොමසාරිස් විසින් හොබවනු ලබයි. “භාෂා මන්දිරය”, අංක 341/7, කෝට්ටේ පාර, රාජගිරිය යන ලිපිනයේ දෙපාර්තමේන්තුව පිහිටා ඇත.
Address
භාෂා මන්දිරය"",අංක 341/7,කෝට්ටේ පාර, රාජගිරිය, , , ශ්‍රී ලංකාව
Telephone
+ 94 11 2888934
Fax
+ 94 11 2888928