ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

2000 අංක 49 දරණ නාගරික හා රාජ්‍ය සැළසුම් (සංශෝධිත) පනත 2000 අගෝස්තු 9 වන දින ශ්‍රී ලංකා ‍පාර්ලිමේන්තුව මගින් ඒකමතිකව අනුමත වූ අතර පැවති නාගරික සහ රාජ්‍ය සැළසුම් දෙපාර්තමේන්තුව වෙනුවට ජාතික භෞතික සැළසුම් දෙපාර්තමෙන්තුව ස්ථාපිත කිරිම සඳහා නිළ අවසරය ලැබීය. මෙම සංශෝධනය මගින් අවශ්‍ය වූ වැදගත් පරිපාලන පියවර ගනිමින් නාගරික සංවර්ධන , ඉදිකිරීම් සහ මහජන උපයෝගීතා අමාත්‍යංශය මගින් නව ජාතික භෞතික සැළසුම් දෙපාර්තමේන්තුව (ණ්ඵ්ඵ්ඪ්) 2001 මැයි මස 21 වන දින විධිවත්ව ස්ථාපිත කර ආරම්භ කරන ලදී. එහි කාර්යභාරය වූයේල පනතෙහි ප්‍රස්ථාවනාව අනුව විශේෂිත කරන ලද පරිදිය. ජාතික භෟතික සැළසුම් ප්‍රතිපත්තියක් සැකසීම හා ක්‍රියාත්මක කිරීමට බලය පැවරීම; ශ්‍රී ලංකාවෙහි ඉඩම් වල ආරර්ථික, සමාජයීය භෞතික හා පාරිසරික අංශයන්හි ඒකාබද්ධ සැළසුම්කරණය ප්‍රවර්ධනය කිරීම හා නියමානුකූල කිරීමේ පරමාර්ථය සහිතව ජාතික භෞතික සැළැස්මක් නිර්මාණය කිරීම හා ක්‍රියාත්මක කිරිම; ස්වභාවික පහසුකම ආරක්ෂා කිරීමේ අභිලාශයෙන් යුතුව, ස්වභාවික පරිසර, ගෘහ නිර්මාන ශීල්පීය වශයෙන් සහ ඓතිහාසික වශයෙන් වැදගත් වන ගොඩනැගිලි සහ ස්වභිවික සෞන්දර්යයෙන් යුත් ස්ථාන සංරක්ෂණය කිරිම; උක්ත සඳහන් කරන ලද කරුණු වල සිද්ධිමය වශයෙන් හෝ සම්බන්ධ වන කරුණු සඳහා සහ එබඳු සැළසුම් සඳහා ක්‍රියාකාරී ව අවශ්‍ය වන ඉඩම් අත්පත් කර ගැනිම සඳහා පහසුකම් සැළසීම
Address
5 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල, , , , ශ්‍රී ලංකාව
Telephone
+94115550601
Fax
+94112872061