ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව

දර්ශනය සංස්කෘතික දායාදයේ කොටසක් ලෙස රාජ්‍ය ලේඛන විධිමත් කළමනාකරණය සහ සංරක්ෂණය මෙහෙවර ජාතික ලේඛනාරක්ෂක නීතිය සහ ඊට අදාල නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම, ස්ථිර සංරක්ෂණය සඳහා රාජ්‍ය ලේඛන සහ අද්විතීය ‍ලේඛන ආබද්ධ කර ගැනීම, සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන රාජ්‍ය ලේඛන කළමනාකරණය සහ සංරක්ෂණය, අදාල නීති රීති වලට අනුකූලව නීතිමය තැන්පතුවට පුවත්පත් සහ ප්‍රකාශන උපචිත කරගැනීම, රාජ්‍ය පරිපාලන ක්‍රියාවලියේ දී සහ මහජන පර්යේෂණ සඳහා තැන්පතු ලේඛනවලින් තොරතුරු සමුද්‍දරණය කිරීමට පහසුකම් සැලසීම. අරමුණු හා කාර්යයන් 1973 අංක 48 දරණ ජාතික ලේඛනාරක්ෂක පනත සහ 1981 අංක 30 දරණ ජාතික ලේඛනාරක්ෂක (සංශෝධන) පනත අනුව අරමුණු හා කාර්යයන්. රාජ්‍ය ලේඛනවල භාරකාරත්වය දැරීම හා ඒවායේ භෞතික තත්වය ආරක්ෂා කිරීම. පර්යේෂණ හා විමර්ශන කාර්යයන් සඳහා ඒවා ලබාදීම. රාජ්‍ය ආයතනවල ලේඛන සමීක්ෂණය. ජනාධිපති අධිලේඛනාගාර පරිපාලනය හා විමර්ශන සේවාව. මෙරට ප්‍රකාශයට පත්කරන ප්‍රකාශනවල සහ පුවත්පත් වල නීතිමය තැන්පතු කෝෂ්ඨාගාරය ලෙස කටයුතු කිරීම. පෞද්ගලික ලේඛන එකතුව සංරක්ෂණය හා නාමාවලිගත කිරීම. රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ පුද්ගලයන්ට ලේඛන සංරක්ෂණය සදහා සහය වීම . පූජ්‍ය ස්ථානවල ලේඛන සංරක්ෂණය. ලේඛන කළමනාකරණය සහ සංරක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළු පැවැත්වීම. මුද්‍රණාල, මුද්‍රණාලකරුවන් හා ප්‍රකාශකයන් සහ පුවත්පත් සම්බන්ධ ආඥාපනත් ක්‍රියාත්මක කිරීම.
Address
කොළඹ 07, , , , ශ්‍රී ලංකාව
Telephone
+94-11 2694523, +94-11 2696917
Fax
+94-11 2694419, +94-11 2693309