පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව,

දෙපාර්තමේන්තුවේ විෂය පථය තේමාව විශ්වසනීය පුද්ගල අනන්‍යතාව ජාතික හැඳුනුම්පතයි දැක්ම සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම තහවුරු කරන ලද අනන්‍යතාවක් මෙහෙවර සිය දේශය තුළදී සියලුම ශ්‍රීලාංකික පුරවැසියන්ගේ මානව, සමාජ , ආර්ථික , දේශපාලනික සහ නීතිමය අයිතිවාසිකම් සුරැකෙන අයුරින්ද ,සිය දේශයෙන් බැහැර වූ අවස්ථාවල ආරක්ෂාව සැලසෙන අයුරින්ද, ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කොට ජාතික පුද්ගල දත්ත පද්ධතියක් සකස් කිරීම, කිසියම් පුරවැසියකුගේ අනන්‍යතාවය තහවුරු කර ගතයුතු අවස්ථාවල දී ජාතික හා අනෙකුත් ආයතනවලට තොරතුරු සැපයීම සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට හා සංවර්ධනයට සහයවීම. පරමාර්ථය සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුගේම තොරතුරු විද්‍යුත් මධ්‍ය දත්ත ගබඩාවක, ජාතික පුද්ගල නාම ලේඛනයක් ලෙස ස්ථාපිතකර, හිමිකම් සහිත පුරවැසියන් හදුනාගැනීම උදෙසා,විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කරමින් නෛතික දත්ත හුවමාරු පද්ධතියක් තුල අනෙකුත් ආයතන සමග තොරතුරු හුවමාරු කර ගනිමින්, ජාතික ආරක්ෂාව හා ආර්ථික සංවර්ධනය උදෙසා පහසුකම් සැලසීම. වගකීම සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම පුද්ගල තොරතුරු රැස්කර ජාතික පුද්ගල නාම ලේඛනය,විද්‍යුත් මධ්‍ය දත්ත ගබඩාවක් ලෙස ස්ථාපිත කර පවත්වාගෙන යාම. නිසි වයස සම්පූර්ණ වූ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම ලියාපදිංචිකර ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම. ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ පුද්ගල තොරතුරු තහවුරුකර සහතික කිරීම. රාජ්‍ය හා අනෙකුත් ආයතන සමග තොරතුරු හා දැනුම හුවමාරු කර ගැනීම. නූතන තාක්ෂණික දැනුම හා මානව සම්පත් සංවර්ධනය තුලින් දෙපාර්තමේන්තුවේ ශක්‍යතාවය ගොඩනැගීම. ජාතික ආරක්ෂාව හා රටේ සංවර්ධන ක්‍රියාවලියට පහසුකම් සැලසීම. මූලික කාර්යභාරය සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම පුද්ගල තොරතුරු රැස්කර ජාතික පුද්ගල නාමලේඛනය විද්‍යුත් මධ්‍ය දත්ත පද්ධතියක් ලෙස ස්ථාපිත කර පවත්වාගෙන යාම. සුදුසුකම්ලත් සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු ම විශ්වසනීය ලෙස හඳුනාගැනීම සඳහා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම. ජාතික ආරක්ෂාව හා රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම, නෛතික හා ප්‍රතිපත්තිමය එකගතා අනුව තොරතුරු හුවමාරු කිරීම හා එම තොරතුරු සත්‍යාපනය කිරීම.
Address
: පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, 10 වන මහල, සුහුරුපාය, ශ්‍රී සුභූතිපුර පාර, බත්තරමුල්ල, , , ශ්‍රී ලංකාව
Telephone
(011) 2862235
Fax
(011) 2862290