සමාජ සේවා දෙපාර්තමේන්තුව

අපගේ මෙහෙවර අපගේ මෙහෙවර වන්නේ සමාජයේ අවාසියට හා පෙළීම් වලට ලක්වූ ජන කොටස් වෙත සහන හා පුනරුත්ථාපනය ලබා දෙමින් ඔවුන් සංවර්ධන ක්‍රියාවලියෙහි හවුල්කරුවන් බවට පත්කර ගනිමින් එබඳු තත්ත්වයන්ට පත් වීම වැළැක්වීමයි. පරමාර්ථ ආබාධිත පුද්ගලයන් ගේ වෘත්තිය නිපුනතා වර්ධනය කරමින්ද පුනරුත්ථාපනය කරමින්ද ඔවුන් රැකියාවන්හි නියුතු කරවීම. ආබාධිත දරුවන් පුනරුත්ථාපනය කිරීමෙහිලා මුල් කාලීනව මැදහත් වීම. මත්කුඩු වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය හා ඔවුන් සමාජානුයෝජනය කිරිම. දැනුවත් කිරීමේ වැඩසටහන් සහ පුහුණු වැඩසටහන් තුලින් සේවා දායකයින් ගේ දැනුම වර්ධනය කිරිම. ස්වේච්ඡා සමාජ සංවිධාන දිරිගැන්වීම. ප්‍රධාන ක්‍රියාකාරීත්වය සේවාවන්ට අදාල පුහුණු වැඩසටහන් පැවැත්වීම. ආබාධිත වූවන් සඳහා සහාය උපාංග, වෘත්තීය පුහුණුව සහ වෙළඳ මෙවලම් ලබා දීම සහ ඔවුන්ට රැකියා අවස්ථා සපයා දීම. ආබාධිත පුද්ගලයන්ගේ සුබසාධනය උදෙසා පවත්වාගෙන යනු ලබන ස්වේච්ඡා සංවිධාන වෙත මුල්‍ය සහාය ලබාදීම. භාරකරුවන් නොමැති මන්ද මානසික පිරිමි ළමුන් සඳහා ආරක්ෂාව ලබා දීම. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පෙර පාසල් අධ්‍යාපන ක්‍රියාකාරකම්. ශ්‍රවනාබාධ සහිත වූවන් සඳහා විශේෂ අනන්‍යතාව කාඩ්පතක් ලබාදීම. ආබාධ සහිත කුඩා දරුවන් සඳහා පුනරුත්ථාපන සේවා සැපයීම. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම, වෘත්තීය පුහුණුව ලබා දීම සහ රැකියා අවස්ථා ලබා දීම සහ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන විසින් විදේශයන්ගෙන් ලබාගන්නා අරමුදල් සඳහා බදු සහන නිර්දේශ කිරීම, අනුමත පුන්‍ය කටයුතු තත්ත්වයන් නිර්දේශ කිරිම, පුන්‍ය/ස්වේච්ඡා (කටයුතු වල නියුතු) සංවිධාන සඳහා ජල හා විදුලි බිල්පත් වෙනුවෙන් සහන ලබාගැනීම.
Address
දෙවන මහල ,දෙවන පියවර ,සෙත්සිරිපාය, බත්තරමුල්ල, , , ශ්‍රී ලංකාව
Telephone
0112187050 , 0112186275