කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීම් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ තාක්ෂණ අධ්‍යාපනයේ වර්ධනය ශ්‍රී ලංකාවේ විධිමත් කාර්මික අධ්‍යාපනය සඳහා වූ ප්‍රථම ආයතනය 1893 අග භාගයේදී පිහිටුවන ලදී. රජයේ කාර්මික පාසල යනුවෙන් මෙම ආයතනය හඳුන්වන ලද අතර, මැදකොළඹ මරදාන ලංකා රජයේ දුම්රියමාර්ග නිමා ගොඩනැගිල්ලට නුදුරින් පිහිටි අලුත්වැඩියා කරනලද කෝපි ගබඩා ගොඩනැගිල්ලක මෙය පවත්වන ලදී. මෙම ආයතනය කුඩා කම්හලකින්ද, පර්යේෂණාගාරයකින්ද, දේශන ශාලාවකින් හා පන්ති කාමරයකින්ද සමන්විත වූ අතර පළමුවරට බඳවාගන්නා ලද ශිෂ්‍ය කණ්ඩායම 25 දෙනෙකුගෙන් පමණ සමන්විත විය. මෙම කාර්මික පාසල පසු කලෙක ශ්‍රී ලංකාවේ විද්‍යා ආයතනය සඳහා වූ පුරෝගාමී ආයතනය බවට පත්විය. ලංකා වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට පෙර වෛද්‍ය ශිෂ්‍යයන් සඳහා රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව හා සාමාන්‍ය විද්‍යාවද සමග පන්ති පවත්වන ලද්දේ ලංකා තාක්ෂණික විද්‍යාලයේදීය. පාසල් ගුරුවරුන් සඳහා විද්‍යා පාඨමාලාද පවත්වන ලද අතර ඔව්හුද පොදු අධ්‍යාපන ක්‍රමය තුල විද්‍යාව ඉගැන්වීමේ පුරෝගාමී වූහ. 1906 දී තාක්ෂණ පාසලෙහි නම ලංකා කාර්මික විද්‍යාලය යනුවෙන් වෙනස්කරනු ලැබීය. මේ වන විට මෙම විද්‍යාලය විසින් තාක්ෂණයේ නිපුණ වූවන් සම්පාදනය කිරීම අරඹා තිබුන අතර, රජයේ තාක්ෂණික දෙපාර්තමේන්තු සඳහාද නිපුණතා ඇති කාර්මිකයින් සම්පාදනය කරමින් තිබේ. සිවිල්, විදුලි කාර්මික සහ යාන්ත්‍රික ඉංජිනේරු යන ක්ෂේත්‍රයන්හි මෙන්ම විදුලි පනිවිඩ සේවා, මිනුම් සේවා, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන ක්ෂේත්‍රයන්හිද තාක්ෂණ අධ්‍යාපනයේ වර්ධනය සඳහා පහසුකම් සපයන ලදී. 1921 දී ආරමිභ කරන ලද ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යා අධ්‍යාපන අංශයේ මුල්ම කේන්ද්‍රස්ථානය වූයේ ලංකා කාර්මික විද්‍යාලයේ විද්‍යා අංශය අවසානයේදී පත්විය. 1933 දී ලංකා කාර්මික විද්‍යාලය ප්‍රතිසංවිධානය කරන ලද අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ බාහිර උපාධිය සඳහා අපේක්ෂකයින් යොමුකිරීම අරඹන ලදී. 1950 වර්ශයේදී ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය අරඹන තෙක්ම, මෙම තාක්ෂණික විද්‍යාලය මගින් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි සඳහා සතිපතා පන්ති පැවැත්වීමද නොකඩවා සිදු කරන ලදී. 1952 සිට 1960 වර්ෂය දක්වා ලංකා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨය පේරාදෙනියෙහි පිහිටි එම විශ්ව විද්‍යාලයේ නව පරිශ්‍රය වෙත රැගෙන යන තෙක්ම ලංකා කාර්මික විද්‍යාලයේ වැඩහලෙහි පහසුකම් එම ඉංජිනේරු පිඨය විසින් සම්පූර්ණ වශයෙන්ම ප්‍රයෝජනයට ගන්නා ලදී.. 1908 දී ලංකා කාර්මික විද්‍යාලය විසින් විද්‍යා සිසුන් සඳහා පන්ති ආරමිභ කරන ලද අතර කාලයාගේ ඇවෑමෙන් එය කළමණාකරන හා ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ කේන්ද්‍රස්ථානය බවට පත්වන තෙක් ක්‍රමයෙන් විකාශයට පත්විය. වෘත්තීය මට්ටමේ ගණකාධිකරණය සඳහා සන්ද්‍යා පාඨමාලා 1943 දී අරඹන ලද අතර, උපාධි මට්ටමේ වානිජ විද්‍යා පූර්ණ කාලීන පාඨමාලාවද 1946 දී ආරම්භ කරන ලදී. 1951 දී තක්සේරු කරන පිළිබඳ වෘත්තීයමය පාඨමාලාවක් අරඹන ලදී. මීට අමතරව බ්‍රිතාන්‍යයේ වෘත්තීය ආයතනයන්හි ලේකම් වෘත්තීය, ගමනාගමනය සහ බැංකු වෘත්තීය යන විශේශිත අංශයන්හි බාහිර විභාග සඳහා පෙනීසිටි අය සඳහාද උපදෙස් සැපයීම පිණිස පන්ති පවත්වන ලදී. ගණකාධිකරණය, අලෙවිකරණය සහ ලඝුලේබණ විද්‍යාව පිළිබඳ මධ්‍ය මට්ටමේ පාඨමාලාද සම්පාදනය කරන ලදී. 1953 වර්ෂයේදී ලංකා කාර්මික විද්‍යාලයෙහි කලා සහ කලාශිල්ප අංශය රජයේ සෞන්දර්ය විද්‍යාලය නමින් වූ නව දෙපාර්තමේන්තුව වෙත අනුයුක්ත කර පවරන ලදී. 1960 දී කටුබැද්දෙහි අලුතින් පිහිටුවන ලද ප්‍රායෝගික තාක්ෂණය පිළිබඳ පූර්ණකාලීන පාඨමාලාවන්ද පවරා දෙන ලදී. මෙම ආයතනය 1966 දී ලංකා තාක්ෂණික විද්‍යාලය වශයෙන් උසස්කරන ලද අතර, 1972 දී එය
Address
තැ.පෙ. 557, ඕල්කට් මාවත,, කොළඹ 10, , , ශ්‍රී ලංකා
Telephone
011 2348897
Fax
011 2439077