Friday, 12 January 2018 11:52

තරුණ ව්‍යවසායකයන් බිහි කිරීම මාර්තු සිට අරඹනවා - මංගල සමරවීර

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය වැඩිකිරීම සඳහා තරුණ ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් යුතුව 2018 අයවැයේ ප්‍රධාන යෝජනාවක් වන ව්‍යවසායකත්ව 

ශ්‍රී ලංකා වැඩසටහන මාර්තු මස අරඹන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි. මේ සඳහා ණය යෝජනා ක්‍රම 15 ක් යටතේ තරුණ ව්‍යවසායකයන් හට සහන පොලී අනුපාත සහ රජයේ ඇපකර මත රුපියල් මිලියන 60,000 ක පමණ මූල්‍ය ආධාර පහසුකම් ලබාදෙන බවත් පැවසීය.

 ව්‍යසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තරුණයන්ට, කාන්තාවන්ට හා විශේෂ හැකියා ඇති පුද්ගලයන්ට තමන්ගේ යැයි ව්‍යාපාර ඇරඹීමට සහ කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා ධීවර ඇතුළු ඕනෑම ක්ෂේත්‍රයක කර්මාන්ත හෝ ව්‍යාපාර ඇරඹීම සඳහා 75% ක සහනදායී පොලීමත රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ණය ලබාදෙනු ලැබේ. මෙම සහනදායී පොලිය රජය මගින් දරනු ලබන අතර එකී පොලිය ගෙවීම සඳහා රු. මිලියන 5,000 ක් භාණ්ඩාගාරය විසින් වෙන්කර තිබේ.

මේ පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් විසින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් හා උසස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ඊයේ (10) දා මහා භාණ්ඩාගාරයේදී පවත්වන ලදී.

Business News

Stats

There are 28591 listings, 821 categories and 101 owners in our website