Monday, 14 May 2018 11:50

වෙළෙඳ හිඟය තවත් ඉහළට

වෙළෙඳ ගිනුමේ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඉකුත් පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1062 දක්‌වා ඉහළ ගියේය.

පෙබරවාරි මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 916 ක්‌ වන විට ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1978 ක්‌ විය.

රත්‍රං ආනයනය කිරීම හේතුවෙන් සැලකිය යුතු ලෙස ඉහළ ගිය ආනයන වියදම අපනයනවල වූ මධ්‍යස්‌ථ වර්ධනය අභිබවා ගොස්‌ ඇත.

මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස වෙළෙඳ හිඟය අඛණ්‌ඩව තෙවැනි මාසයටත් ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්‌මවා ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

දිවයින

Last modified on Monday, 14 May 2018 11:54

Business News

Stats

There are 28589 listings, 821 categories and 101 owners in our website