Friday, 15 March 2019 02:37

දකුණු ආසියාවේ උසින් පිහිටි ‘අහස් පාලම’ කොළඹ ගුවන් ගැබෙහි ඉදි වෙයි

ශී‍්‍ර ලංකාවේ, කොළඹදී : කොළඹ 2, බේරේ වැව ඉදිරිපස මනස්කාන්ත පරිසරයක ඉදිවන සන්කෙන් ගෲප් හි ප‍්‍රමුඛතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන කැපිටල් ට්වින් පීක්ස්  තව නොබෝ දිනකින් දකුණු ආසියාවේ වඩාත්ම උසින් පිහිටි අහස් පාලමේ වාර්තාවට හිමිකම් කීමට බලාපොරොත්තු වේ.



මෙම අති විශිෂ්ට ඉංජිනේරුමය නිර්මාණය සන්කෙන් ගෲප්  ව්‍යාපාර සමූහයට අයත් කැපිටල් ඩිවෙලොපර්ස් හා සන්කෙන් කන්ස්ට‍්‍රක්ෂන්ස් සමාගම් විසින් සිදු කරනු ලබන ශී‍්‍ර ලංකා රුපියල් බිලියන 25 ක් වන නේවාසික සංවර්ධන ව්‍යාපෘතියකට අයත් වන අතර අඩි 30ක දිගින් යුත් මෙම අහස් පාලම මගින් තට්ටු 50කින් යුත් කුලූනු දෙක ඉහළම තලයේදී එකිනෙක යා කරනු ලබයි. අනාගතයේදී බේරේ වැව, කොළඹ නගරය, ඉන්දියන් සාගරය, නෙළුම් කුලූන ආදිය චමත්කාරජනක ලෙස දිස් වන සුන්දර පරිස‍්‍රයක ඉදි වන මේ කැපිටල් ට්වින් පීක්ස් ව්‍යාපෘතියේ සුඛෝපභෝගී නිවාස වල නේවාසිකයන්ගේ ජීවිත විශාල වෙනසකට බඳුන්වනු නොඅනුමානය.

මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ සැලසුම සහ කලාත්මක වෙසෙසියාවන් පිළිබඳව තම අදහස් දැක්වූ සන්කෙන් ගෲප් සභාපති මහේන් වීරසේකර මහතා මෙසේ පැවැසීය. ”නූතන ගෘහ නිර්මාණ ශිල්පයන් හී සෑම තාක්ෂණයක්ම පාහේ මූර්තිමත් කෙරෙන මේ කුලූනු, ප‍්‍රමාණවත් තරමේ හරිත අවකාශයන්, පොදු ප‍්‍රදේශ හා නේවාසික අවකාශයන් ආදියෙන් යුක්තයි. සිංගප්පූරුවේ කීර්තිමත් P&T සමාගමේ සැලසුම් හා ගෘහ නිර්මාණ ශිල්පීය අත්දැකීම් සමුදාය යටතේ ඉදිවන මෙම ව්‍යාපෘතිය කොළඹ නගරයේ ඉදිවන ඉතා විශිෂ්ට සංවර්ධන ව්‍යාපෘතියක් වන අතර එහි ආයෝජකයන්ට ඉදිකිරීම, ගෘහ නිර්මාණ ශිල්පය හා ඇතුළත නිමාව ආදිය අතින් ඉහළම ගුණාත්මක භාවයකින් යුත් විශ්වීය ජීවන රටාවකට ගැලපෙන අංගෝපාංග වලින් සමන්විත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ නිවාස සපයනු ලබනවා.”

පොළෝ මට්ටමේ සිට මීටර් 173.75ක් උසින් (අඩි 570ක්) ඉහළ අහසේ පිහිටි මෙම අහස් පාලමෙන් කැපිටල් ට්වින් පීක්ස් ව්‍යාපෘතියේ ගෘහ නිර්මාණ ශිල්පීය විශ්මිතයන් මනාව පිළිඹිබු වන අතර එහි නිවැසියන්ට 50 වන මහලේදී කුළුනු දෙක අතර ගමන් කිරීමේ සුවිශේෂී වරම සලසා දෙයි.

මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ නගර මධ්‍යයේ නූතන දිවි පෙවෙතක පහසුව හා ආස්වාදය අපේක්ෂා කරන නේවාසිකයන්ට එය ඉතා ඉහළින්ම උදා කර දෙනු ලබන අතර එ් සඳහා පැය 24 පුරා ක‍්‍රි‍්‍රයාත්මක වන ආගන්තුක සත්කාර සේවාවක් , ව්‍යාපාරික මධ්‍යස්ථානයක්  ලොන්ඩි‍්‍ර සේවාවක් , ඔසුසලක් සහිත කුඩා පරිමාණයේ සුපිරි වෙළඳසලක් , වාෂ්ප කුටියක් හා සවුනා කුටියක් , සැලූනයක් හා ස්පා එකක් , නවීන අංගෝපාංග සහිත ශාරීරික අභ්‍යාසගාරයක් , කී‍්‍රඩා කුටි , යෝගා පීඨයක් , ගෘහස්ථ නැටුම් ශාලාවක් , පුස්තකාල ශාලාවක් , පරිසරය හා බැඳුණු පිහිනුම් තටාකයක් , සෙන් උද්‍යානයක් , අහස් විවේකාගාරයක් , අවන්හලක් , බාබකිව් සඳහා වෙන් කළ ඉසව් හා බොජුන් හලක් ආදී සුවිශේෂී පහසුකම් වලින් මෙය සමන්විත වේ.

”මේ අහස් පාලම නිම කිරීම කැපිටල් ට්වින් පීක්ස් ව්‍යාපෘතියට සුවිශේෂී අවස්ථාවක් වනවා පමණක් නොවෙයි, එය වීදුරු වලින් නිර්මාණය වීම අප රටේ ගෘහ නිර්මාණ හා ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන බවද නොඅනුමානයි.” වීරසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ආයෝජකයින්ගේ අවශ්‍යතා මත ලබාගත හැකි වර්ග අඩි 774 සිට 5,500 දක්වා වන මෙම නිවාස එ්කක, සුඛෝපභෝගී මහල් නිවාස දිවි පෙවෙතක උපරිම ආස්වාදය හා අපූර්වත්වයක් මෙන්ම සිදු කරන ලද ආයෝජනය සඳහා  කීප ගුණයකින් ඉහළ වටිනාකමක්ද නේවාසිකයන්ට ලබා දෙනු ඇත. වසර 2020 ඉදිකිරීම් නිම වීමෙන් අනතුරුව කැපිටල් ට්වින් පීක්ස් නිවාස සඳහා බදු පදනම මත ලබා දීමේදී එ් සඳහා ඉහළම ඉල්ලූමක් මෙන්ම විශාල ආයෝජන ප‍්‍රතිලාභයක්ද අත්පත් කරගැනීමටද හැකි වනු ඇතැයි අපේක්‍ෂා කරයි.

(ළක්බිම)

Business News

Stats

There are 28607 listings, 863 categories and 102 owners in our website