Thursday, 13 June 2019 09:12

යාපනය මඩකලපුව ගුවන්තොටුපළ සංවර්ධනයට ඉන්දීය සහාය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි පසුගිය දිනක ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන් සමඟ සිදු කළ සාකච්ජාවන් පිළිබඳව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යයන් හී සඳහන්වී තිබිණී. ‍සුහද පිළිසඳර අතරතුරදී ඉන්දියානු අරමුදල් සපයන ව්‍යාපෘති කඩිනම් කිරීම සහ යාපනය හා මඩකලපුව කලාපීය ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ සාකච්ඡාවන් ඊට ඇතුළත් වි තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි , ශ්‍රී ලංකාවට පැමිණි විට පිළිගැනීම සඳහා සහභාගිවූ දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා , ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තහවුරු කිරීම හා මෙරට සංචාරය සඳහා වැඩි පිරිසක් දිරිගැන්වීමට රටට සහාය වීම පිළිබඳව මෝදි මහතාට ස්තුතිය පළ කළ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

Òශ්‍රී ලංකාව , ඉන්දියාව සහ මාලදිවයින අතර ත්‍රෛයිපාර්ශවික සාකච්ඡා යළි පුනරුත්ථාපනය කරමින් කලාපීය ආරක්ෂාව ශක්තිමත් කිරීම ඇතුළු කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබේ . ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සමඟ ඉන්දියාව සමීපව කටයුතු කරන ලෙසත්, ත්‍රස්තවාදයට සම්බන්ධ පුහුණුවීම් සහ ආධාර සැපයීමත්, පිළිබඳව මම එහිදී සඳහන් කළා. යනුවෙන් ‍‍‍‍‍ෆේස් බුක්හී සඳහන්වී තිබුණි.

Òඉන්දු ලංකා ව්‍යාපෘතිය , ප්‍රමාද වෙමින් පවතින ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට මා මෝඩි මහතාට සහතික වුණා . අඛණ්ඩ ආර්ථීක සහයෝගිතාව සහතික කිරීම සඳහා අප දෙරට අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා . යාපනය සහ මඩකලපුව ගුවන් තොටුපළ හා ප්‍රාදේශීය ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම ද මෙහිදී සාකච්ඡා කළා කර තිබේ.

ශ්‍රී ලංකාවට එක්සත් රාජධානිය, ප්‍රංශය හා චීනය ඇතුළු බොහෝ රටවල් සංචාරකයින්ගේ පැමිණීම අවම මට්ටමකට පත් වෙද්දී , මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය , ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය සඳහා උපකාරී වන බව කර්මාන්තයේ ප්‍රධානීන්ගේ අදහසයි

(දිනමිණ)

Last modified on Thursday, 13 June 2019 09:13

Business News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website