Monday, 24 June 2019 09:01

ACL කේබල්ස් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා සන්නාම 50 අත­රට

ශ්‍රී ලංකාවේ අංක එකේ කේබල් නිෂ්පාදකයා වන ACL කේබල්ස් සමාගම ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා පාරිභෝගික සන්නාමයන් 50 අතර සිය ස්ථානය නැවත වරක් ඉහළ නංවාගැනීමට සමත්වී සිටී.

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සන්නාමයන් 50 අතර අඛන්ඩව වසරක් 4 රැදුනු එකම කේබල් නිෂ්පාදන සමාගම වශයෙන් සමත්වී සිටින ACL කේබල්ස් සමාගම වෙළෙඳපොළ තුළ සිය ප්‍රමුඛත්වය නැවතවරක් පෙන්නුම් කර ඇත.

ACL කේබල්ස් සමාගම ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා පාරිභෝගික සන්නාමයන් අතර මෙම වර්ෂයේදී Brands Annual සමීක්ෂණයේදී වැනි ස්ථානයහිමිකර ගැනීමට සමත්විය.පසුගිය වර්ෂයේ වැනි ස්ථානය හිමිකර ගැනීමටඔවුන්සමත්විය. මෙම සන්නාම සමීක්ෂණය Brands Finance විසින් සංවිධානය කරනු ලබන අතර LMD විසින් ශ්‍රෙණිගත කිරීම් ප්‍රධානය කරනු ලබයි.

2016 වර්ෂයේ සිට සෑම වර්ෂයකදීම ACL කේබල්ස් සමාගම මෙම ශ්‍රෙණිගත කිරීමේදී සිය ස්ථානය ඉහළ නංවා ගෙන තිබෙන අතර,එම වාර්තාවට හිමිකම් කියන එකම කේබල් නිෂ්පාදන සමාගමද වේ. ඊට අමතරව ඉදිකිරීම් අංශයෙන් වටිනාම පාරිභෝගික සන්නාමය ලෙස තමන්ට හිමිව තිබූ 3 වැනි ස්ථානය රැකගැනීමටද සමාගමට හැකියාව ලැබී ඇත.

මෙම ශ්‍රෙණිගත කිරීම් සඳහා යොදාගන්නා Brands Finance ඇගයීම් උපමානයන් අනුව ACL කේබල්ස් සිය සන්නාම වටිනාක30% කින් පෙර වර්ෂයට වඩා ඉහළ නංවාගෙන තිබෙන අතර A+ සන්නාම ශ්‍රේණියට හිමිකම් කීමට සමත්ව සිටී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ACLකේබල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේන් මදනායක මහතා මෙසේ පවසා සිටී. “මෙම ශ්‍රෙණිගත කිරීම සමග ACL කේබල්ස් සන්නාමයෙහි විශිෂ්ටත්වය පෙන්නුම් කෙරෙනවා. පසුගිය වර්ෂ පහකට ආසන්න කාලසීමාව තුළ සන්නාම සංවර්ධනය වෙනුවෙන් අප සිදුකළ ආයෝජනයන්හි කැපවීම මෙම ජයග්‍රහණයෙන් පැහැදිලි වෙනවා.

(දිනමිණ)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website