Thursday, 11 July 2019 03:31

පරිසර සංචාරක කර්මාන්තයට නව ප්‍රවේශයක් ගල්විල පාරිසරික උද්‍යානය

මිහිර විජේසේකර- මාරවිල සමූහ

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ආකර්ෂණය වැඩි කරලීමේ අරමුණෙන් පුත්තලම දිස්ත්‍රීක්කයේ ස්වභාව සෞන්දර්ය සහ ඓතිහාසික පසුබිම් මුල් කරගෙන වනෝද්‍යානයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබීම තුළින් පරිසර සංචාරක කර්මාන්තයට නව ජීවයක් ලබාදීමට හැකි බව සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් සඳහන් කරති.

පුත්තලම කරුවලගස්වැව ප්‍රදේශයේ මෙම සංචාරක උද්‍යානය පිහිටා තිබේ.

ස්වභාව සෞන්දර්ය සහ ඓතිහාසික පසුබිම මුල්කරගෙන සිදුකරන වනෝද්‍යානයක් සංචාරකයින්ට දැකබලාගැනීමට හැකි වන්නේ මුල් වරට ය .

සත්ව ගහණය සහ පාරිසරික තත්ත්වයන් නිසි අධ්‍යනයකින් පසුව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව වසර දෙකක පමණ කාලයක සිට මෙම උද්‍යානයේ සංවර්ධන කටයුතු සිදු කරමින් පවතී.

මහවැලි සංවර්ධන හ පරිසර අමාත්‍යාංශය මගින් පරිසර පද්ධති සංරක්ෂණය සහ කළමනාකරණ ව්‍යාපෘති යටතේ ලෝක බැංකු ආධාර මත මෙම ව්යාහපෘතිය ක්රියයාවට නැංවේ.

මෙම පරිසර පද්ධතියේ ඉතා දැකුම්කළු විශාල ප්ර මාණයේ කළුගල් හතකින් නිර්මාණය වූ කඳු යායක් පිහිටා තිබීම හා ජනප්‍රවාදයේ සඳහන් සාලිය අශෝකමාලා පෙම් පුවත හා බැඳුණු ඓතිහාසික වටිනාකමින් යුත් විළඳගොඩ පුදබිම පිහිටා තිබීම මුල් කරගෙන මෙම පරිසර පද්ධතියට ‘’ගල්විල පාරිසරික උද්‍යානය’’ ලෙස නම් කර තිබේ.

ගල්විල පාරිසරික උද්‍යානය පිහිටියේ පුත්තලම සිට අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර් 12 ක් පමණ ගමන් ගත් පසු කරුවලගස්වැව ප්‍රදේශයේය.

ගල්විල පාරිසරික උද්‍යානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන්නියාගම, වීරක්කොඩිචෝලෙ, ඉපලෝගම යන වනාන්තර සංකීර්ණ තුනකින් සමන්විතය. පුත්තලම අනුරාධපුර මාර්ගය දෙපස මෙම උද්‍යානය ව්‍යාවප්තව පවතී. වියළි කලාපීය වනාන්තර පද්ධතියක් වන මෙය හෙක්ටයාර 35000 ක වපසරියකින් යුක්තය.

සංචාරක උද්‍යානය විල්පත්තු ජාතික වනෝද්‍යානය හා කලාඔය නිම්නය තෙක් පැතිරී යයි. ගංගාධාර වියළි කලාපීය පද්ධතියේ සිට මෝසම් වනාන්තර , ස්වභාවික හා ද්විතීක සහ ප්‍රාථමික වනාන්තර වල විවිධ සම්මිශ්‍රණයක් මෙම වනාන්තර පද්ධතියේ ද දැකගත හැකිය .

වනාන්තර පද්ධතියේ වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27 සිට 30 දක්වා වන අතර වාර්ෂික වර්ෂාපතනය දළ වශයෙන් මිලි මීටර් 900ක් බව හඳුනාගෙන තිබේ. .උද්‍යානය වියලි කලාපයේ පිහිටිය ද බොහෝවිට ශාක හරිත පැහැයෙන් යුක්ත වන අතර ජල මූලාශ්‍ර විශාල සංඛ්‍යාවක් දැකිය හැක. සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයේ වැසි සමය වන අතර අන්තර් මෝසම් වැසි මාර්තු සිට මැයි දක්වා අපේක්ෂා කෙරේ. නියං කාලය ජුනි සිට සැප්තැම්බර් දක්වා විහිදේ මෙම උද්‍යානය වසර පුරා නැරඹිය හැකි බවට අපේක්ෂා කෙරේ.

වියළි කලාපයේ ගැවසෙන ක්ෂීරපායි විශේෂ වන අලියා , දිවියා, ඕලු වලසා, මුවන් ඇතුළු විශේෂ තිහකට ආසන්න සංඛ්යාිවක් මෙම වනාන්තරවල වෙසෙන බව හඳුනාගෙන තිබේ, එසේම බකමූනා, රාජාලියා, සුදු අයිබිස් ඇතුළු දුර්ලභ ගණයේ පක්ෂීන් විශාල සංඛ්‍යාවක් උරගයින්සහ උභය ජීවීන් විශාල සංඛ්‍යාවක් දැකගත හැකි වේ. විවිධ ශාක විශේෂද වනාන්තරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.

මීට වසර 2000ට පමණ පෙර දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු මෙම ප්‍රදේශවල ජීවත්වූ බව ඓතිහාසික සාක්ෂි වලින් පෙනී යයි.සාලිය කුමරු සිය පෙම්වතිය වන අශෝකමාලාව රැගෙන සැඟව සිටි ස්ථානය බවට සැලකෙන විලදගොඩ ඓතිහාසික ස්ථානය මීට කදිම සාක්ෂියකි.

එසේම ඓතිහාසික වටිනාකම් රාශියක් දරාගෙන පස්වන මිහිඳු රජුගේ කාලය දක්වා සහ සාලිය කුමරුගේ කාලය දක්වා වනාන්තරය ඉතිහාසය දිවයයි.

පුරාවිද්‍යා වටිනා වටිනාකමින් යුත්විශාල ගල් පර්වතයක් මත පිහිටි ලුණු කන්දේ රහතන් වහන්සේලා වැඩසිටි බවට සාක්ෂි සහිතව පෙන්වා දෙයි. එසේම එම පර්වතයේ මත පිහිටි දාගැබ නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇතිබව පෙනේ. සතුන් දඩයම් කිරීම, අනවසර වැලි කැපීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ස්වභාවික වනය තරමක් දුරට විනාශ වී තිබුණද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊට පිළියම් යොදා සත්ව වාසස්ථාන වැඩිදියුණු කිරීමට කටයුතු සිදුකර ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම දිසා භාර වන නිලධාරී භාරත දිසානායක මහතා මෙසේ සඳහන් කරයි

පුත්තලම අඩවි වන නිලධාරි කාර්යාලයේ සේවයේ නියුතු සියලුම දෙනා වසර දෙකක් තිස්සේ මෙම වනාන්තර සමූහය සංචාරකයන්ට දැකබලා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් සහ වනාන්තරයේ ස්වභාවික සෞන්දර්යය එලෙසම පවත්වා ගැනීමට කටයුතු කරමින් මෙහි ප්‍රතිස්ථාපන කටයුතු සිදු කරනවා. සංචාරකයින්ගේ අවශ්‍යතාව සඳහා උද්‍යානය ආශ්‍රිතව පුත්තලම අනුරාධපුර මාර්ගය දෙපස ගොඩනැගිලි ඉදි වෙමින් පවතිනවා උද්‍යානය අභ්‍යන්තර මාර්ග පද්ධතිය ද ක්‍රමානුකූලව සකස් කරමින් සියලුයටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනවා .

මේ වසර දෙක පුරාවටම සතුන්ගේ අහිමිවුණ වාසස්ථාන රැකදීම, වැඩිදියුණු කිරීම, විශේෂයෙන් ජල සංරක්ෂණය සඳහා කැඩීබිඳී ගිය වැව් අමුණු සතුන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් අන්දමින් සකස් කිරීම සතුන්ගේ ආහාර රුචිය ඇතිකරන විශේෂ තෘණ වර්ග වගා කිරීම වන අලි අරමුණු කරගෙන ආක්‍රෂමණශීලී ශාක වන කලපු අන්දර ඉවත් කිරීම,එම ශාක ඉවත් කරන ප්‍රදේශවල සතුන්ගේ තෘණ වර්ග හා ශාක වර්ග වගා කිරීම සිදු කරනවා.

අපි පසුගිය කාලසීමාව තුළ කළ මෙම කැපකකිරීම ජෛව විවිධත්වයේ යථා තත්ත්වයට රැගෙන ඒමට හැකි වී ඇති බව විශ්වාස කරනවා.ඉදිරියේදී වියළි කලාපීය පරිසර පද්ධතිය හා ඒ ආශ්‍රිතව පවතින ඓතිහාසික වටිනාකමින් පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් මෙම වසර අවසන් වීමට පෙර සංචාරකයන්ට විවෘත කිරීම්ට කටයුතු කරනවා.

පුත්තලම දිස්ත්‍රීක්කයේ පිහිටි විල්පත්තු අභයභූමියේ , ආනවිලුන්දාව කුරුළු අභයභූමියේ අසිරිය නැරඹීමට පැමිණෙන පාරිසරික සංචාරක කර්මාන්තයට ඇලුම්කරන දෙස් විදෙස් සංචාරකයන්ට නැවුම් අත්දැකීමකින් යුතුව වන අසිරිය විදීමට ලැබෙන දිනය වැඩි ඈතක නොවේÓ.

පුත්තලම දිසා භාර වන නිලධාරී භාරත දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ වන ව්‍යාප්ති නිලධාරීන් වන සදුන් මුතුගල , අනුරුද්ධ හේරත්, බීට්ටු වන නිලධාරි බී.එම් ඉන්දික, අතිරේක අඩවිවන නිලධාරින් වන එච්. ඩබ්ලිව් වසන්ත, එම්.එම්.සී. කේ වාසල යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම උද්‍යානයේ සංවර්ධන කටයුතු සිදු කෙරේ.

(දිනමිණ)

Business News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website