Thursday, 11 July 2019 03:32

30 වැනි සංවත්සරය සමරමින් කැන්ගරු කැබ්ස් විදුලි කුළී රථ හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ කුළී රථ සේවා සැපයීමේ ප්‍රමුඛයා සහ දැවැන්තයා වන කැන්ගරු කැබ්ස් සමාගම සිය අභිමානවත් 30 වැනි සංවත්සරය සමරමින් “ගෝ ග්‍රීන්” සංකල්පය මත පදනම්ව සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන මෝටර් රථ හඳුන්වා දෙයි.

2588588 අංකයත් සමග මතකයට නැගෙන කැන්ගරු කැබ්ස් වර්ථමාන කුළී රථ වෙළෙඳපොලේ 70%ක කොටසකට හිමිකම් කියයි. ISO 9001,2015 තත්ත්ව සහතිකය ලැබූ ඔවුන්ගේ සේවා අතරට 0112588588 කුළී රථ සේවය, 0112501501 වෑන් රථ සේවය, 0112592592 බජට් ටැක්සි සේවය, 0112801801 සිටි ටැක්සි සේවය හා 0112592592 ත්‍රිරෝද සේවය ඇතුළත් වේ. 1988දී ඇරැඹූ කැන්ගරු කැබ්ස් මගී අවශ්‍යතා හඳුනා ගනිමින් නව තාක්ෂණ ක්‍රම සහිතව පැය 24 පුරාම ඇමතුම් මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කරන අතර පාරිභෝගික කැමැත්ත පරිදි වාහන වෙන් කිරීමට මොබයිල් ඇප් එකක්ද (ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ස්ටෝර්) හඳුන්වා දී ඇත. 2012දී දියත් කැරුණු වෙබ් අඩවියත් සමඟ වට්ස් ඇප්, ස්කයිප් හරහා වාහන වෙන් කළ හැකි එකම කුළී රථ සේවය වන්නේද කැන්ගරු කැබ්ස්ය.

සභාපති සුනිල් ෆොන්සේකා, විධායක/මූල්‍ය අධ්‍යක්‍ෂක කුසල් ෆොන්සේකා සහ මෙහෙයුම් අධ්‍යක්‍ෂක තුෂාර ෆොන්සේකා යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ කැන්ගරු කැබ්ස් ආයතනය 3000ක පමණ රියදුරු මහතුන් මෙන්ම 150ක පමණ සේවක සේවිකාවන්ද අවශ්‍ය කාලීන පුහුණු සැසි සඳහා යොමු කර පාරිභෝගිකයන්ට 100%ක් ගුණාත්මක, ආරක්ෂාකාරී හා විශ්වාසදායී සේවාවක් සපයයි. කැන්ගරු කැබ්ස් පාරිභෝගික පැමිණිලි ලද සැණින් විභාග කර ඒ ඒ පාරිභෝගිකයන්ට එහි ප්‍රතිඵල හා ගත් ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා කරයි. කැන්ගරු කැබ්ස් තේමා පාඨය වන්නේ “ආරක්‍ෂාව හා සැප පහසුව”( Comfort & Safety) ) යන්නයි. සමාගමේ අරමුණ වන්නේ “පාරිභෝගික ජනතාව සතුටින් ගමනාන්තයට රැගෙන යාම” We Drive People Happy) යන්නයි.

(දිනමිණ)

Business News

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website