Monday, 09 September 2019 10:39

විදෙස් වෙළෙඳපොළ ජයගත් ජීෆි ප්‍රඩක්ස්

‍අපනයන ක්ෂේත්‍රයේ සුවිශේෂී නමක් දිනාගත් ජීෆි නිෂ්පාදන ආයතනය ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතා සලකා නිෂ්පාදනයන් එළිදක්වමින් ‍ස්ථාවරයට පත් ආයතනයකි.

ජීෆි නිෂ්පාදන ප්‍රධාන වශයෙන් යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව, ඉන්දියාව, අප්‍රිකාව, ජපානය සහ තවත් රටවල් 40 කට වැඩි ගණනකට කොහු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරයි.

‘ ‍ ජීෆි සමාගමේ මූලික උපායමාර්ගය වන්නේ පොල් කොහු හෝ පොල් ලෙලි කැබලි ලෙස අලෙවි නොකර අගය එකතු කරන ලද නිම් භාන්ඩ ලෙස වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමයි. මෙම නිෂ්පාදන පරාසය බෙහෙවින් පුළුල්ය. එසේම ගෝලීය වශයෙන් මේ සඳහා වැඩි ඉල්ලුමක් පවති. ඊට හේතුව මෙම නිෂ්පාදන පුනර්ජනනීය මෙන්මපරිසර හිතකාමීවීමයි . ජිෆි පෙති, වර්ධන කුට්ටි, වර්ධන බෑග්,මේ අතර වඩාත් ප්‍රචලිතය.කාර්ය බහුල යුරෝපයට මෙන්ම, අසල්වැසි ඉන්දියාව ,ජපානය,මෙන්ම අප්‍රිකාව, මෙම නිෂ්පාදන සඳහා ප්‍රමුඛ ඉල්ලුම් කරුවන් බවට පත්වී ඇත්තේ පරිසර හිතකාමී බව සේම ගෘහ ආශ්‍රිත, මෙන්ම මහා පරිමාණ කෘෂි කර්මාන්ත කටයුතු සඳහා පහසු වෙන් උපයෝගී කරගත හැකි මාධ්‍යයක් ලෙස භාවිත කිරීමට ඇති හැකියාවයි.

කොකෝ නම්න් හඳුන්වන මෙම කර්මාන්තය ගෝලීය වශයෙන් දශකයකට පමණ පෙර නිර්මාණය වූ එකකි.මේ හේතුවෙන් කාලයක් නිසිලෙස භාවිතයට නොගෙක අපතේ ගිය සම්පතක් වු පොල්ලෙලි සඳහා දේශීය ඉල්ලුමද ඉහළ ගොස් තිබේ. එපමණක් නොව පොල්ලෙලි සැපයීම , එකතු කිරීම , කැපීම, ආදී වශයෙන් කර්මාන්තය විවිධාංගීකරණය වී තිබෙනු හඳුනාගත හැකියි. පොල් ලෙලි ආශ්‍රිත කර්මාන්තය මෙලෙස දියුණු වී ඇත්තේ අපනයනය අශ්‍රිතව කෙරෙන මෙම කොකෝ නිෂ්පාදන සඳහා පවතික ඉල්ලුම ඉමළයාම නිසයි. යනුවෙන් ශ්‍රී ලංකාවේ ජිෆි ප්‍රොඩක්ට්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ රුවන් රාජපක්ෂ මහතා පවසයි.

මිරිගම අපනයන සැකසුම් කලාපයේ පිහිටා ඇති ජිෆි නිෂ්පාදන ආයතනය අරඹා ඇත්තේ 2003 වසරේදීයි. මෙම ආයතනය ස්ථාපිත කොට ඇත්තේ ආයෝජන මණ්ඩලය ව්‍යාපාරයක් ලෙසයි

‘අප ආයතනය 2019 වන විට මිරිගම, පන්නල සහ කොබෙවිගනේ ආදී ප්‍රදේශවල නිෂ්පාදන ආයතන හතරක් ඇති කරීමට සමත්වුණා . ඒ සඳහා කළ ආයෝජනය රුපියල් බිලියන 2.5 ක් වෙනවා. ඒ අනුව සමාගම සෘජු හා වක්‍ර රැකියා 10,000 ක් පමණ ලබා දී තිබෙනවා. එ පමණක් නොවේ ශ්‍රි ලංකාවේ අපනයන ආදායම ඉහළ දැමීමටත් මෙම කර්මාන්තය පිටු බලයක් වී තිබෙනවා’

“අපි වාර්ෂිකව අමුද්‍රව්‍ය මිලදී ගැනීම් සහ සේවක වැටුප් වශයෙන් රුපියල් මිලියන 1000 ක් වැය කරනවා.මෙම කොකෝ නිෂ්පාදන හේතුවෙන් පොල් කර්මාන්තය ආශ්‍රිත ගැමි ආර්ථිකය වඩාත් ශක්තිමත් වී තිබෙනවා. අපතේ ගිය අමුද්‍රව්‍යයක් ආදායම් මාර්ගයක් බවට පත්වී තිබෙනවා.

කළමනාකාර අධ්‍යක්ෂ රුවන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසයි.

ජීෆි කළමනා කරීත්වය පවසන අන්දමට ඔවුන්ගේ සාර්ථකත්වයේ ප්‍රමුඛතම ‍සාධකය පර්යේෂණ හා සංවර්ධන අංශයයි. ගෝලීය වෙළෙඳපොළ තුළ තරඟ කරමින් වෙළඳපොළින් 60% පමණ අත්කරගැනීමට ඔවුන්ට දැනයමත් සමත්වී තිබෙනවා.සමාගම ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත කෘෂිකාර්මික නිෂ්පාදනවල ඉහළම අගය එකතු කළ නිෂ්පාදකයා ලෙස ISO 22,000 සහතිකය හිමිකර ගැනීම ප්‍රමිතිය පිළිබඳව ලත් ඉහළම ඇගයීමකි.

මෙම ජයග්‍රහණ තවදුරටත් තහවුරු වූයේ පසුගියදා පැවති ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේ දී මහාපරිමාණ නිෂ්පාදන කාණ්ඩයේ ‘ජයග්‍රාහකයා’ ලෙස කිරුළු පළඳීමත් සමඟයි.


(Dinamina)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website