Friday, 13 September 2019 11:57

SLT Speed Up පාපැදි සවාරිය 24දා සිට 28දා දක්වා

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ විසඳුම් සැපයුම්කරු මෙන්ම දිවයිනේ ප්‍රමුඛතම බ්‍රෝඩ්බෑන්ඩ් සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ යටිතල පහසුකම් සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් සිවු වන වරටත් සංවිධානය කරනු ලබන SLT Speed Up පාපැදි සවාරිය මේ මස 24දා සිට 28දා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව දැනුම් දෙන්නේ මහත් අභිමානයෙනි. මෙරට පාපැදි ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් 2016 වසරේ දී දියත් කරන ලද SLT Speed Up පාපැදි සවාරිය 2019 වසර දක්වා එළි දැක්වීම පසුගිය දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වුණු ‘ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේ’ දී සිදු විය

ශ්‍රී ලාංකේය පාපැදි ධාවන තරග ඉතිහාසයේ පළමු වතාවට පළාත් නමයම ආවරණය කරමින් පාපැදි ශූරයන් සහ ප්‍රේක්‍ෂකයන් යන දෙපිරිසම වෙත නවමු අත්දැකීමක් ලබා දෙමින් මේ වසරේ දී තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සැලසුම් කර ඇත. කාන්තා, පිරිමි සහ පාසල් යන කාණ්ඩ යටතේ මේ තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ පාපැදි තරග ගමන් පථයේ සුවිශේෂී මඟ සලකුණක් තබමින් ප්‍රථම වතාවට පාසල් සිසුන් උදෙසා වෙන් වූ පාපැදි ධාවන තරගයක් පැවැත්වීම ද සුවිශේෂත්වයකි.

(Dinamina)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website