Friday, 13 September 2019 11:58

රාජ්‍ය-පෞද්ගලික හවුලෙන් ඇරැඹි STC WHEEL ALIGNMENT CENTER

STC WHEEL ALIGNMENT CENTER ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ දී ඊයේ (11) කර්මාන්ත හා වාණිජ කටයුතු , දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම , සමූපකාර සංවර්ධන , වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ ද කීවේ ය.

අද මෙම සුවිශේෂී අවස්ථාව සඳහා පෞද්ගලික අංශයේද සහය ලැබී තිබෙනවා. ඒ සඳහා යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ආයතනය විසින් ලක්ෂ 50ක් වෙන් කර තිබෙනවා. ආයතනය විසින් මිලියනයක මුදල් වෙන් කර තිබෙනවා. ඒ හරහා රැකියා අවස්ථාද උදා වෙනවා. මේ හරහා පෞද්ගලික ස්ථානයන්ට වඩා හොඳ සේවාවක් ලබා දෙන්න පුළුවන්. ඉදිරියේදී මෙය පැය 24 පුරාම විවෘත කර සේවාව ලබාදීමට අවශ්‍ය කටයුතු ද සකස් කරනවා.

මේ පිළිබඳව සියලු රාජ්‍ය ආයතන දැනුවත් කරන්න. මෙමඟින් ගුණාත්මකව සහ හොඳ සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙනවා.

ටෙන්ඩර් නැතිව සියලුම රජයේ ආයතන සඳහා භාණ්ඩ විකිණීමට මේ ආයතනය වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම අවස්ථවට සහභාගිවූ රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ,

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විදිහට මේ රටේ රාජ්‍ය ව්‍යාපාරන්හි නිරත ආයතන අතර ඉහළට ඔසවා තබන්නට රිෂාඩ් අමාත්‍යවරයා සහ අමාත්‍යංශය විසින් ලබාදී ඇති අවස්ථාවන් මේ යුගයේදී වැඩි වී තිබෙනවා.

රාජ්‍ය ආයතන සඳහා භාණ්ඩ මිලදී ගැනීමේදී වසරක කාලයකට ටෙන්ඩර් ඉදිරිපත් කරන්න සෘජුවම රජයේ වාණිජ විවිධ නීතීගත සංස්ථාව හරහා භාණ්ඩ මිලදී ගැනීමට පහසුකම් හා නීතිමය රාමුව සකස් කර තිබෙනවා. එය මේ ආයතනයට ශක්තිය ගෙන දෙන්නක් කියා හඳුන්වන්න පුළුවන්. රජයේ වාණිජ විවිධ නීතීගත සංස්ථාව සහ රාජ්‍ය ආයතන , පෞද්ගලික ආයතන මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කරුණු 02ක් තිබෙනවා. ඒවානම් භාණ්ඩ කඩිනමින් ලබාදීමටත් , සාමාන්‍ය වෙළඳපොළ මිල ගණන් වලට හෝ අඩු මිලට විකිණීම සිදු කරන්නටයි. මේ සඳහා වසරක කාලයක් තිබෙනවා. වසරකින් පසුව සමාලෝචනය කිරීමේදී එය තව වසර 05 ක කාලයකට දීර්ඝ කරගැනීමට හැකියාවත් , පසුව ආයතනයේ උනන්දුව හා කැපවීම මත එය සදාකාලිකව ලබාගැනීමේ අවස්ථාවත් පවතිනවා.

ඒවාගේම ෆෝමලින් පිළිබඳව කැබිනට් පත්‍රිකාව සකස් වී තිබෙනවා. ඒ අනුව ෆෝමලීන් සම්බන්ධව පියවර ගැනීමට තනි ඒකාධිපති බලය මේ ආයතනයට ලැබෙනවා. ආහාර , පළතුරු , මස් , මාළු , කරවල වලට ෆෝමලින් එකතු කරන ව්‍යාපාරිකයන්ට වැට බැඳීමට ඒ හරහා හැකි වෙනවා. යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(Dinamina)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website