Monday, 16 September 2019 06:32

ටෙක්ස්ට්‍රිප් පෞද්ග­ලික සමා­ගම CNCI රිදී හා ලෝකඩ සම්මාන දිනයි

රබර් කර්මාන්තයේ 70 වසරකට අධික කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ඉලාස්ටෝ සමූහ ව්‍යාපාරයට අයත් ටෙක්ස්ට්‍රිප් පෞද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය CNCI) සංවිධානය කළ CNCI Achievers Award 2019 සම්මාන උළෙලේදී ජාතික මට්ටමේ, මහා පරිමාණ කාණ්ඩයේ, නිෂ්පාදන අංශයේ ලෝකඩ සම්මානයෙන් සහ පළාත් මට්ටමේ, මහා පරිමාණ කාණ්ඩයේ, නිෂ්පාදන අංශයේ රිදී සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය.

ඉංජිනේරුවකු මෙන්ම සාර්ථක නව නිපැයුම්කරුවකු වූ දිවංගත ඩොනල්ඞ් ගුණසේකර මහතා සිය සොහොයුරු දිවංගත විල්සන් ගුණරත්න මහතා සමග 1947දී ඉලාස්ටෝ සමූහ ව්‍යාපාරය ඇරුඹූහ. පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඉලාස්ටෝ සමූහයේ මධ්‍යගත අංගයක් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ටෙක්ස්ටේ‍රච් ප්‍රතිරෝධ පටි ටෙක්ස්ට්‍රිප් පෞද්ගලික සමාගමේ නව නිපැයුමක් බවට පත් වී ඇත.

ටෙක්ස්ට්‍රෙච් යනු ටෙක්ස්ට්‍රිප් සමාගමට අමෙරිකාව, යුරෝපය, පැසිෆික් සාගර කළාපය ඇතුළුව රටවල් 27ක වෙළෙඳපොළ ජය ගන්නට මඟ පෑදූ ලෝක ප්‍රසිද්ධ සන්නාමය වන අතර ඒ ලැයිස්තුවට තවත් රටවල් එකතු වෙමින් සිටී. මීට අමතරව ටෙක්ස්ට්‍රිප් මේ වන විට ප්‍රතිරෝද ව්‍යායාම උපකරණ, රෝහල් ඇඳ ඇතිරිලි, තොටිලි ඇතිරිලි ඇතුළු රබර් නිපැයුම් රැසක් වෙළෙඳපොළට ඉදිරිපත් කරයි.

ලොව ප්‍රමුඛ පෙළේ සන්නාමවලට පොලිමර් උපකරණ නිපදවන ටෙක්ස්ටි්‍රප් සමාගම පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ඇත. නවතම විලාසිතා හා සැලසුම් අනුව උසස් තත්ත්වයේ ස්වභාවික රබර්, කෘත්‍රිම රබර් හා ප්ලාස්ටික් නිපැයුම් මගින් දෙස් විදෙස් වෙළෙඳපොළ ජය ගන්නට සමත් වී ඇත. “අප හඹා යන්නේ පෞද්ගලික කීර්තිය නොව සාමුහික ප්‍රයත්නයයි” යනුවෙන් ජයග්‍රහණය පිළිබඳව පැවසූ කළමනාකාර අධ්‍යක්ෂ මංගල ගුණසේකර මහතා සිය කණ්ඩායමට කෘතඥතාවද පළ කළේය. ඉලාස්ටෝ සමූහ ව්‍යාපාර පරිසර හානිය අවම කිරීමටත්, බලශක්තිය පිරිමැසීමටත්, අපද්‍රව්‍ය කළමනාකරණයටත්, අමුද්‍රව්‍ය හා සම්පත් උපරිම කාර්යක්ෂමතාවෙන් ප්‍රයෝජනයට ගැනීමටත් නිරතුරුව අවධානය යොමු කරයි. ඉලාස්ටෝ සමූහ ව්‍යාපාරයේ මූලස්ථානය සහ කර්මාන්ත ශාලාව බෙන්තොට පිහිටා ඇත. ඔවුන් ISO9001,2015 සහ ISO14001,2015 යන තත්ත්ව සහතිකවලින්ද පිදුම් ලබා ඇත.

(Dinamina)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website