Thursday, 19 September 2019 09:45

ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX ගෝලීය සම්මානය හිමිකර ගනී

ශ්‍රී ලංකන් ගුවන් සේවය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දිවයිනේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරන ලද උත්සාහය හේතුවෙන් පසුගියදා ගෝලීය සම්මානයට පාත්‍රය විය. ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association) සම්මාන උළෙලේ දී ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’(Best Marketing Innovation’ ) සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පිදුම් ලැබීය.ඊට අමතරව අඛණ්ඩව 3 වන වරටත් ප්‍රධාන ගුවන් සමාගම් කාණ්ඩයේ තරු 4 පංතියේ සේවා ඇගයුම් (Four Star) ලැබීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සමත් විම මෙහි ඇති විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “අපගේ සංචාරක කර්මාන්තය විනාශකාරී සිදුවීමකින් පසු නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින මොහොතක අපේ රටට හිමිවූ සම්මානයක් ලෙස අපි මෙම සම්මානය සලකනවා. රටවල් ගණනාවක මිලියන සංඛයාත ජනකායක් වෙත ළඟා වූ මෙම නව්‍ය අලෙවිකරණ වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අපගේ කාර්ය මණ්ඩලයේ සිය ගණනක් සාමාජිකයින්ට මෙහි සියලුම ගෞරවය හිමි විය යුතුයි.” ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(Dinamina)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website