Monday, 07 October 2019 07:28

දෙවැනි වර­ටත් එයි­ට්කන් ස්පෙන්ස් ගෞර­වා­ද­ර­යට පත් සමා­ගම් 10 අත­රට

ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය (CIMA) මගින් 2019 වසරේදීත් අඛණ්ඩව දෙවැනි වරට ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පත් සමාගම් 10 අතරට ශ්‍රේණිගත වීමට එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී සමත් විය.

2019 වසර සඳහා වූ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පත් සමාගම් ඇගයීමේ සම්මාන උළෙල 2019 සැප්තැම්බර් මස 25 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුනේ ශ්‍රී ලාංකීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සැමරීම උදෙසා ය. ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාව ට සහභාගි විය. මෙම සම්මානය මගින් හොඳම තිරසාර භාවිතාවන් ප්‍රවර්ධනය කරන සහ ඉහළම ප්‍රමිතියෙන් යුතු ආචාරධර්ම සහ පාලනය සතු සංවිධාන හඳුනාගැනීම සිදුකරයි. තවද, දීර්ඝ කාලීන වටිනාකම් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවට ප්‍රබල කීර්තියක් අත්කරදුන් සහ සෞභාග්‍යය ළඟා කර දුන් සමාගම් සඳහා විශේෂ පිළිගැනීමක් ද එමගින් ලබාදෙයි.

(Dinamina)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website