Tuesday, 08 October 2019 09:34

ප්‍රයිම් රෙසිඩන්සීස්-වසර 5ක් තුළ සුඛෝපභෝගී නිවාස සංකීර්ණ 32 ක්

ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ විශ්වාසදායී දේපල සංවර්ධන ආයතනය වන ප්‍රයිම් සමුහය කොළඹ සහ ඒ අවට සුවපහසු නාගරික ජීවිතයට කැමති සිය පාරිභෝගිකයන් වෙනුවෙන් වර්ෂ 2014 සිට සුපිරි නිවාස සංකීර්ණ 32 ක් නිම කර දී ඇති බව නිවේදනය කරයි.

මේ යටතේ නිම කර ඇති මුළු නිවාස ඒකක සංඛාව 1800 කට ආසන්න වන අතර කොළඹ සහ අවට පර ය දේශයන් හි 2019 වසරේ පමණක් නිම කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 16 ක් වේ. එසේම තවත් ව්‍යාපෘති 14 ක් මේ වන විට නිමවෙමින් පවතින අතර එම නිවාස ඒකක ඉදිරියේදී භාර දීමට නියමිතව ඇත. ප්‍රයිම් සමුහයේ සුඛෝපභෝගී නිවාසයන්හි ඇති අසමසම නිර්මාණශීලිත්වය සහ නවීනතම ඉංජිනේරු තාක්ෂණය එහි පදිංචිකරුවන්ට හුදෙක් සුඛෝපභෝගී නිවසකට එහා ගිය අත්දැකීම් රැසක් ලබා දෙයි.

තම ආයතනයේ නොකැළැල් කීර්තිය සහ සාර්ථකත්වය පිලිබඳ අදහස් දක්වන ප්‍රයිම් සමුහයේ නියෝජ්‍ය සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය,‘‘ සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් ලෙස අප සතු කැපවීම, නිර්මාණයන්හි ඇති ගුණාත්මක බව සහ නිරන්තර වැඩිදියුණු කිරීම් අපගේ සාර්ථකත්වය සඳහා හේතු වී තිබෙනවා.

එසේම මේතුළින් අලංකාරය සහ ගුණාත්මක බව සපිරි සුවපහසු ජීවන අවකාශයක් ලබා දීමටත් අපට හැකියාව ලැබී තියෙනවා. විශේෂයෙන් අඛණ්ඩ වැඩිදියුණු කිරීම් යන්න අපට හුදු වචනයක් පමණක් නොවේ. එය අපගේ නිර්මාණශීලී චින්තනයේ පටන් ප්‍රයිම් සමුහයේ සේවයේ නියුතු සෑම අයකුගේම මනසේ සැමවිටම ක්‍රියාත්මක වෙමින් පවතින පොදු සාධකයක්” යනුවෙන් පැවසීය.

(Dinamina)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website