Tuesday, 08 October 2019 09:39

Architect 2020 නිර්මාණ සහ වෙළෙඳ ප්‍රදර්ශනය

Architect - 2020 ප්‍රදර්ශනය එළිදැක්වීම සඳහා පැවැත්වූ මාධ්‍ය සමුළුව 2019 ඔක්තෝම්බර් 01 වන දින කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේ “ද බැල්මොරල්” ශාලාවේ දී ප්‍රදර්ශන කුටි හිමිකාරීත්වය දරන්නන්, අනුග්‍රාහක භවතුන් ඇතුලු විශේෂ ආරාධිත අමුත්තන් සහ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ (SLIA) සාමාජික සාමාජිකාවන් මෙන් ම පසුගිය වසරේ අනුග්‍රාහක භවතුන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් පැවැත්විණි. පසුගිය වසරේ මෙන්ම, විශේෂ අවධානයක් යොමු වූ අංගයක් වූයේ ප්‍රදර්ශන කුටි හිමිකාරීත්වය දරන්නන් වඩාත් විශ්වාසය තැබිය හැකි ස්ථානවල පිහිටි වෙළෙඳ කුටි උදෙසා තරඟ කරන ”ප්‍රමුඛ වෙළෙඳ කුටි වෙන්දේසිය යි.” ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් ඇගයීම සහ ඔවුන්ගේ උද්යෝගීමත් බව වෙනුවෙන් සමරු තිළිණ ප්‍රදානය කිරීම ද මෙහි දී සිදු විය.

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයේ උප සභාපති සහ ප්‍රදර්ශන කමිටුවේ සභාපති වාස්තු විද්‍යාඥ රෝහණ බණ්ඩාර හේරත් මහතාගේ පිළිගැනීමේ කතාව සහ සභාපති වාස්තු විද්‍යාඥ වෙරන්ජන් කුරුකුලසූරිය මහතාගේ කතාවෙන් පසු සන්ධ්‍යාවේ වැඩකටයුතු පැවැත්වුණේ සාමාජික සාමාජිකාවන් නිරතවුණු ව්‍යාපෘති පිළිඹිබු කිරීම වෙනුවෙන් සහ වෙළෙඳ කුටි 313 කින් සහ සාමාජික ප්‍රදර්ශන කමිටු 124 ක් සහිත “Architect - 2020” හි නව කුටි සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා ය. ඉන් අනතුරුව අවධානය යොමු වූයේ වෙළෙඳ කුටි අන්තර්ජාලය ඔස්සේ වෙන් කරවා ගැනීමේ ක්‍රියාවලිය වෙත ය.

“Architect - 2020” හරහා මහජනතාවගේ දැනුවත්භාවය වැඩි කිරීම, ප්‍රවේශය, අන්තර් ක්‍රියා යනාදිය ඉලක්ක කරනුයේ වාස්තු විද්‍යා ක්ෂේත්‍රය වඩාත් ආකර්ෂණීය ක්ෂේත්‍රයක් බවට පත්කිරීම අරමුණු කරගනිමිනි. එය මහජනතාවට වාස්තු විද්‍යාඥයින් සමග සම්බන්ධ වීමට වැඩි අවස්ථාවක් සපයනු ඇති අතර, එහි වැදගත් අවස්ථාවක් වනුයේ තමන් මුහුණ දෙන ඉදිකිරීම් සම්බන්ධ සියලුම ගැටලු උදෙසා මගපෙන්වීමක් සැපයීම පිණිස වන නොමිලේ උපදේශන සේවාව තම තමන්ට වෙන් වෙන්ව වාස්තු විද්‍යාඥයින් ගෙන් යුතු සාකච්ඡා මණ්ඩලයකින් ලබාගත හැකි වීම පෙන්වා දිය හැක.

“Architect - 2020”, 2020 වසරේ පෙබරවාරි 19 ආරම්භ කෙරෙනු ඇති අතර, එහි ජාතික සම්මේලනය ඊට පසුදින පැවැත්වෙනු ඇත. ප්‍රදර්ශනයේ උත්සවාකාර සමාරම්භය පෙබරවාරි 19 වැනි දා සිදු කෙරෙනු ඇති අතර, එය පෙබරවාරි 20 වැනි දා සිට 23 වැනි දා දක්වා දින 4ක් උදෑසන 10 සිට රාත්‍රී 10 තෙක් මහජනතාව වෙත විවෘතව තැබෙනු ඇත.

(Dinamina)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website