Monday, 28 October 2019 10:07

නේෂන්ස් ට්‍රස්ට් මෙරට ප්‍රමුඛ සමා­ගම් 15 අත­රට

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව 2018-2019 කාලසීමාව සඳහා වන Business Today Top 30 ලැයිස්තුවේ 14 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වී සිටී. මීට පෙර නේෂන්ස් ට්‍රස්ට් බැංකුව එම ලැයිස්තුවේ 23 වැනි ස්ථානයේ පසු විය. මීට වසර 20කට ඉහතදී ආරම්භ කරන ලද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව Business Today Top 30 ලැයිස්තුවට ඇතුළත් වී ඇති සමාගම් අතර කෙටිම ඉතිහාසයක් සහිත සමාගමවීම විශේෂත්වයකි. කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති සමාගම් අතරින්, ප්‍රජා සත්කාර ඇතුළුව අනෙකුත් කාර්යභාරයන් සහ ඒවායේ බලපෑම් විශේෂයෙන් සැලකිල්ලට ගනිමින් Business Today Top 30 ලැයිස්තුව සඳහා සමාගම් තෝරාගැනේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය

මෙසේ පැවැසුවාය. ‘මේ ආකාරයට Business Today Top 30 ලැයිස්තුවේ 14 වැනි ස්ථානය හිමි කර ගැනීමට හැකිවීම අපට ගෞරවයක්. බැංකුවේ ක්‍රමෝපායන් සහ කාර්ය මණ්ඩලයේ කැපවීම වැනි හේතුසාධක නිසා පසුගිය කාලය තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කර ගැනීමට අපට හැකියාව ලැබුණා. මේ ආකාරයට දිගින් දිගටම දියුණුව කරා යන අතර, සෑමවිටම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම අපගේ ඉලක්කයයි. පසුගිය වසර කිහිපය තුළ මේ ආකාරයට අපගේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි කර ගනිමින් ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් සැලසීම සඳහා නව තාක්ෂණයන් හා ක්‍රමවේද හඳුන්වා දීමට අප විශාල ආයෝජනයන් සිදු කළා. එම ආයෝජනවල ප්‍රතිඵල මේ වන විට ලැබෙමින් පවතිනවා.‘


(Dinamina)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website