Friday, 01 November 2019 11:19

DFCC බැංකුවෙන් විශේෂ සිසු ණය ක්‍රමයක්

DFCC බැංකුව මෙරට සහ විදේශ රටවල උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් විශේෂ ණය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. සහනදායී ආපසු ගෙවීමේ ක්‍රම සහ තරගකාරී පොලී අනුපාත සහිත මේ ණය ක්‍රම මෙරට සිසු සිසුවියන්ට ද ඔවුන්ගේ මවුපියන්ට ද ඉමහත් සහනයක් වනු නොඅනුමානය.

අද දවසේ රැකියා වෙළෙඳ පොළ ඇති තරගකාරීත්වය අනුව තවදුරටත් හුදෙක් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ පමණක් සමත් වී රැකියා ලබාගත හැකි නොවේ. කෙසේ වුවද උසස් අධ්‍යාපනය හැදෑරීමේදී ඇතැම් විට විශාල වියදම් දැරීමට සිදුවන අවස්ථා ඇත. DFCC බැංකුව මේ සිසු ණය පහසුකම හඳුන්වා දී ඇත්තේ එම ගැටලුවට පිළියමක් වශයෙනි.

මේ වැඩසටහන යටතේ සිසු ණය සේවාව පිරිනැමීම සඳහා DFCC බැංකුව මේ වනවිට ගේට්වේ උපාධි පාසල සමඟ අත්වැල් බැඳගෙන සිටී. ඒ අනුව ගේට්වේ උපාධි පාසල මගින් පිරිනමන ඕනෑම ආකාරයක උසස් අධ්‍යාපන පාඨමාලාවක් සඳහා DFCC බැංකුවේ සිසු ණය පහසුකම් ලබාගත හැකි වේ. මේ ණය ක්‍රමයේ දී, අධ්‍යාපනය ලබන කාලය තුළ පොලිය පමණක් ගෙවා, අධ්‍යාපනය අවසන් කර රැකියාවක් ලබාගත් පසුව ප්‍රාග්ධන මුදල ගෙවීමට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි. ණය මුදල ආපසු ගෙවීම සඳහා ලබාදෙන සම්පූර්ණ කාලය වසර 7ක් වේ.

(Dinamina)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website