මෙයට එක් චක්‍රයකදී කි. ග්රෑ. 2ක් දක්වා පැය 4-6කින් පරිවර්තනය කිරීමේ හැකියාව ඇත. ඇතුළත සාදා ඇති කාබන් පෙරන නිසා කිසිදු දුර්ගන්ධයක් නිකුත් නොකරන බැවින් ගෘහස්තව භාවිත කළ හැකිය. ඒ සඳහා දිනකට වැය වන බල ශක්ති පිරිවැය රු. 20කටත් වඩා අඩුය. පහසුවෙන් භාවිත කළ හැකි මේ යන්ත්‍රයට කැනේඩියානු පේටන්ට් බලපත්‍රයක් ඇති අතර, වසරක වගකීමක්ද ලැබේ. දී ඇති භාජනය පුරවා යන්ත්‍රයේ තබා පියන වසා යන්ත්‍රය සක්‍රිය කරන්න. චක්‍රය අවසන් වූ පසු එය නතර වේ. එවිට යන්ත්‍රයෙන් බැහැර වන කොම්පෝස්ට් මුදා ගන්න.
ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රායෝගික ආදර්ශයක් සපයමින් සිය නිවෙසේ එකතු වන සියලු කාබනික අපද්‍රව්‍ය මේ යන්ත්‍රය භාවිතයෙන් කොම්පෝස්ට් බවට පත් කර ඔහුගේ ගෙවත්ත සාරවත් කිරීමට භාවිත කරයි. ඇමැතිවරයා පවසන්නේ, සෑම නිවෙසකින්ම එකතු වන කාබනික අපද්‍රව්‍යවල මුල් ප්‍රමාණය 80%-85%කින් අඩු කරන මෙවැන්නකින් අප කුණු බැහැර කරන ස්ථාන වෙත යවන ද්‍රව්‍ය ප්‍රමාණය විශාල ලෙස අඩු කළ හැකි බවයි. වාණිජ ඒකකවල ධාරිතාව දිනකට කි. ග්රෑ. 10 සිට ටොන් ගණනක් දක්වා පරාසයක පවතී.
වාණිජ ඒකකවලට ද කාබනික අපද්‍රව්‍ය පැය 24කින් කොම්පෝස්ට් බවට පරිවර්තනය කළ හැකිය. විශාල හෝටල්, මහල් නිවාස සංකීර්ණ, අවන්හල්, පාසල්, රෝහල් සඳහා මෙය වඩාත් සුදුසුය. ඔබේ නිවෙසේ කුණු එක රැයකින් වටිනා කොම්පෝස්ට් බවට හරවා කුණු කසළවලින් රට බේරා ගන්න. වැඩි විස්තර සහ මිල දී ගැනීම් සඳහා ICC Smart Eco Solutions, නො 57, එස්. ද එස්. ජයසිංහ මාවත, කොහුවල, නුගේගොඩ ලිපිනයට එන්න. ප්‍රභා-0114216105 (ext 400), හිරුනි- 072050090, දීපාල්- 0772061685 අමතන්න.
(Dinamina)