2013 වසරේ දී, ශක්තිය ඉතිරි කරන අංග ඇතුළත් ඉතා කෙටි කාලයකින් ජනප්රිය වූ R600a තාක්ෂණය දකුණු ආසියාවට හඳුන්වා දීමේ පුරෝගාමියා සිංගර් ශ්රී ලංකා සමාගම විය. ශ්රී ලංකාවේ ශීතකරණ වෙළෙඳ පොළෙන් 50% කට වැඩි වෙළෙඳ පොළක් අඛණ්ඩව අත්පත් කර ගෙන සිටීමේ හැකියාවද සිංගර් ශ්රී ලංකා සමාගම සතුව තිබේ. ඒ හැරුණු විට, 2017 අගභාගයේ දී මුල්වරට ශ්රී ලංකාවේ නිෂ්පාදනය කළ Geo Smart intelligent ශීතකරණය ද සිංගර් ශ්රී ලංකා සමාගම වෙතින් වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. 2013 වසරේ පටන් මේ දක්වා සිංගර් ශ්රී ලංකා සමාගම, ශීතකරණ මිලියනයකට වඩා අලෙවි කර ඇතැයි සාඩම්බරයෙන් සඳහන් කරයි. අඩු බල ශක්තියක් වැය වන එම පරිසර හිතකාමී ශීතකරණ භාවිතයේ ඇති වාසි පිළිබඳ ප්රචාරය කළ සිංගර් පාරිභෝගිකයෝ ද ශීතකරණ වෙළෙඳ පොළ ජය ගැනීමට සිංගර් ශ්රී ලංකා සමාගමට සහාය දැක්වූහ.
(Dinamina)