අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 04:47

SLIM Turnaround Brand of the Year රන් සම්මා­න­යෙන් DSI Tyre පිදුම් ලබයි

ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyre සමාගම SLIM Brand Excellence සම්මාන උළෙලේදී Turnaround Brand

of the Year 2019 රන් සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගකාරීම සහ උත්කර්ෂවත්ම වෙළෙඳ සන්නාම සම්මාන ප්‍රදානෝත්සවය ලෙස සැලකෙන SLIM Brand Excellence සම්මාන උළෙල වසර පහළොවකට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියයි. කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී පැවැති විචිත්‍රවත් සම්මාන උළෙලේදී සී/ ස සැම්සන් රබර් කර්මාන්ත ආයතනයේ අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා සම්මානය ලබා ගත්තේය.

DSI Tyre සන්නාමය පසුගිය කාලය පුරා දැක්වූ විශිෂ්ටත්වය සහ පාරිභෝගික සබැඳියාව ඔස්සේ සම්පූර්ණයෙන්ම නැවුම් මුහුණුවරකින් වෙළෙඳපොළ තුළ ස්ථානගතවීම මේ සම්මානයෙන් පිදුම් ලැබීමට ප්‍රධාන හේතුව විය. “Any Bike - One Tyre” යන තේමාව ඔස්සේ මෙහෙයවෙන DSI Tyre, Safe Ride, Long Ride සහ Trendy Ride යන ධාවන අත්දැකීම්වලින් පරිපූර්ණය.

DSI Tyre පාරිභෝගික අවශ්‍යතා කාලානුරූපීව හඳුනා ගනිමින් නවීන තාක්ෂණය භාවිත කරමින් අඛණ්ඩ පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාදාමයක් ඔස්සේ පරිසර හිතකාමී අයුරින් සිය සන්නාමය ප්‍රවර්ධනය කරයි. DSI Tyre සන්නාමය දිගු කල් පවතින විශ්වාසය, ආරක්ෂාව සහ ආකර්ෂණීය ධාවන අත්දැකීම මනාව තහවුරු කරමින් පාරිභෝගික මනසේ ස්ථානගතවීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සම්මානය හැඳින්විය හැකියි. මෙය තවදුරටත් පාරිභෝගිකයන්ට විශිෂ්ට නිෂ්පාදන හඳුන්වා දෙන්න අපව අභිප්‍රේරණය කරනවා.” අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා පැවසීය. වසර 30කට වැඩි ව්‍යාපාර ඉතිහාසයකට උරුමකම් කියන සැම්සන් රබර් කර්මාන්ත ආයතනය රටවල් 75කට අධික ප්‍රමාණයකට ටයර් අපනයනය කරමින් සහ දේශීය වෙළෙඳපොළේ බයිසිකල් ටයර්, මෝටර් සයිකල් ටයර්, ත්‍රීවීල් ටයර්, කෘෂි කාර්මික ටයර් සහ ටියුබ් අලෙවි කරමින් ඉතා ඉහළ වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියයි.

(Dinamina)

Business News

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website