අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 10:17

HUAWEI Watch GT2 ජනප්‍රිය වෙයි

තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වන HUAWEI විසින් නවතම Watch GT2 ගෝලීය වෙළඳපොළට හඳුන්වා දීම මෑතකදී සිදු කෙරිණි. විශාල බැටරි ආයු කාලයක්, intelligent processing,ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමඟින් එන Watch GT2 සඳහා ලොව පුරා වෙසෙන පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර හිමි වෙමින් පවතින අතර වෙළඳපොළට නිකුත් කර දින 45ක් වැනි කෙටි කාලසීමාවක් තුළ ලොව පුරා මිලියනයකට අධික Watch GT2 ඒකක ප්‍රමාණයක් නැව් ගත කර ඇත.

සුපිරි තාක්ෂණයෙන් සහ ඇදහිය නොහැකි විශේෂාංග රැසක් සමඟින් එන Watch GT2 නුදුරේදීම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට නියමිතව තිබේ. මෙහි අසම සම විශේෂාංග අතරින් බ්ලූටූත් ඇමතුම් පහසුකම සුවිශේෂී වනුයේ පරිශීලකයා ක්‍රීඩා හෝ වෙනත් ඕනෑම කටයුත්තක නිරතව සිටින අවස්ථාවකදී ඇමතුම් ඉතා පහසුවෙන් ලබා ගැනීමේ සහ ලැබෙන ඇමතුම් වලට ඉතා පැහැදිළිව පිළිතුරු සැපයීමේ හැකියාව හේතුවෙනි. මෙමගින් කාර්ය බහුල ජිවිතයක් ගත කරන සියලු දෙනා හට සිය මිතුර මිතුරියන් සමඟ ඉතා පහසුවෙන් සම්බන්ධ වීමට අවශ්‍ය ඉඩ කඩ සැලසේ.

බ්ලූටූත් 5.1 තාක්ෂණය, built-in GPS සහ GLONASS satellite positioning systems සහිතව පැමිණෙන Watch GT2 හි ගීත 500ක් පමණ රඳවා තබා ගැනීමේ හැකියාව ඇත. ත්‍රිමාණ වක්‍ර (3D curved), bezel-less මුහුණත උපාංගයේ ආකර්ෂණීයපෙනුම වැඩි කර ඇති අතර මැණික් සැකසුම් තාක්‍ෂණයෙන් කැටයම් කරන ලද උසස් තත්ත්වයේ වීදුරු ජලය හා දූවිලි වලට ප්‍රතිරෝධී බව සහතික කරයි.

(Dinamina)

Business News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website