බදාදා, 01 ජනවාරි 2020 10:32

මහල් 30ක් ඉදිකිරීමට ඩොලර් මිලියන 250ක්

නව ආණ්ඩුවට පළමු විදෙස් ආයෝජනය සිංගප්පූරුවෙන්

සිංගප්පූරුවේ ලැයිස්තුගත ඒකාබද්ධ දේපළ වෙළෙඳාම් සහ සෞඛ්‍ය සේවා සමාගමක් වන පෙරෙනියල් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් සමාගම ඩොලර් මිලියන 250ක මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ දියත් කිරීමට නියමිතය.

මේ විදේශ ආයෝජන ව්‍යාපෘතිය මගින් මහල් 30කින් යුත් වාණිජ කුළුණක් ඉදිකිරීමට නියමිත අතර, එහි නව නිවාස 700ක් සහ සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය‍.

කොළඹ බාලාක්ෂ මාවත සහ ෂැන්ග්‍රි-ලා හෝටලය අතර පිහිටි ඉඩමක මේ ආයෝජනය සිදු කෙරේ. අදාළ සමාගම සඳහා ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහා අග්‍රාමාත්‍ය මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන ඇමැති මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ.

ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ව්‍යාපෘතිය සඳහා යෝජිත ඉඩම සමාගමට බදු දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මේ ව්‍යාපෘතියෙන් ලීසිං සඳහා ගෙවීමක් ලෙස ශ්‍රී ලංකා රජයට ඩොලර් මිලියන 43ක් ලැබෙනු ඇත.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජය යටතේ සිදුකරන පළමු විදේශ ආයෝජනය මෙයවීම විශේෂිත වෙයි.

දේපළ වෙළෙඳාම් හිමිකරුවකු, සංවර්ධකයකු සහ කළමනාකරුවකු ලෙස බහු වාර්ගික මහා පරිමාණ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි උපායමාර්ගිකව අවධානය යොමු කරන මේ පෙරෙනියල් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් සමාගම චීනය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනිසියාව, මියන්මාරය යන රටවල ව්‍යාපෘති සිදුකරන ආයතනයකි.

(Dinamina)

Business News

පොල් මිල කරටියට...

පෙබරවාරි 19 2020

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website