අඟහරුවාදා, 14 ජනවාරි 2020 12:57

රස­කා­රක නැතිව කන්න එන්න 'open' දැන් මාලඹේ

දේශීය හා විදේශීය (චීන ක්‍රමයට) ආහාර පාන මෙන්ම පාරිභෝගික රුචි අරුචිකම් වලට සහ ස්වභාවික රසයන්ට ප්‍රමුඛස්ථානය දෙමින් කෘත්‍රිම රසකාරක වලින් තොරව හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අධීක්ෂණය යටතේ සුපිරිසිදුවත් සුවපහසුවෙන් පවුලේ සැමට එක්ව ආහාර පාන රසවිඳීම සඳහා සුපිරි අවන්හලක් open ‍Family Restaurant and Pub නමින් දැන් මාලඹේ නගර ආසන්නයේදී දැන් විවෘතව ඇත.

දේශීය ආහාර පාන වලට මුල්තැන දෙමින් කෘත්‍රිම රසකාරකයන්ගෙන් තොරව ප්‍රවීණ සූපවේදීන්ගේ අධීක්ෂණය යටතේ පාරිභෝගිකයින් ඉදිරියේම ඔවුන්ට අවශ්‍ය ආහාර පාන එම මොහොතේම සකස් කර පිළිගැන්වීම open Family Restaurant and Pub අවන්හලේ විශේෂත්වයකි.

'No MSG' වැඩිම රසකාරකයන් භාවිත නොකර ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිත කර තමන්ගේ අතේ ඇති මුදලට තමන්ටම සරිලන ආහාර වේලක් ඔබ ඉදිරියේ සකස් කර පිළිගැන්වීම open අවන්හලේ කාර්ය මණ්ඩලයේ විශේෂ ලක්ෂණයකි. මිනිස් සිරුරට අහිතකර කිසිම කෘත්‍රිම රසකාරක නොයොදා ඒ සඳහා ප්‍රණීත නැවුම් ආහාර වල ගුණාත්මකභාවය පවත්වා ගනිමින් ඉතා උසස් තත්ත්වයේ නැවුම් එළවළු, මස්, බිත්තර, මාළු සහ මුහුදු ආහාර යොදා ගනී.

පාරිභෝගික අදහස් උදහස් සහ පැමිණිලි සැමවිටම ගරු කරන සුහදශීලී කාර්ය මණ්ඩලයක් නිරතුරුව කැපවීමෙන් සේවයේ යෙදී සිටී.

open පවුලේ අවන්හලින් උපන්දින සාද, ප්‍රියසම්භාෂණ ඇතුළු උත්සව අවශ්‍යතාවන්ද පැවැත්වීමට අවස්ථාව සලසාදී ඇති අතර පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව බාහිර උත්සව අවස්ථාවන් සඳහා අවශ්‍ය ආහාර පාන ඇණවුම්ද භාරගනු ලැබේ.

එසේම විශ්වවිද්‍යාල සිසුන් සඳහා ද ඔවුන්ගේ ආහාර පාන සඳහා විශේෂ වට්ටම්ද ලබාදීම මඟින් රටේ තරුණ රපපුරට ගුණාත්මක ආහාර වේලක් ලබාදීමේ අරමුණ ඇතිවයි. අවන්හල පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට 326/1, කඩුවෙල පාර, මාලඹේ යන ලිපිනයෙන් හෝ 0702729333 (WhatApp) හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. මඟින් ලබාගත හැකිය.

(Dinamina)

Business News

Image

Stats

There are 28559 listings, 863 categories and 102 owners in our website