සිකුරාදා, 31 ජනවාරි 2020 12:00

පාරිභෝගිකයකුගේ දිවි රැක දුන් චයිනීස් ඩ්‍රැගන් කැෆේ නිලන්ත අගයයි

ශ්‍රී ලංකාවට චීන අවන්හල් සම්ප්‍රදාය හඳුන්වා දුන් පුරෝගාමී හා ප්‍රමුඛතම සමාගම වන ‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ පුද්. සමාගම’ (Chinese Dragon Cafe (Pvt) Ltd) තම බෙදාහැරීම් කටයුතු අතරතුරේ දී තම පාරිභෝගික මහතකුගේ ජීවිතය බේරාගත් නාවල ශාඛාවෙහි නායක බෙදාහරින්නකු වන (Delivery Captain) නිලන්ත සමන් කුමාර ද සිල්වා මහතාට උපහාර පිදීමේ උත්සවයක් පසුගිය දා එම සමාගම් ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරුණි.

‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ පුද්. සමාගම’ වෙත ලද ආහාර ඇණවුම් බෙදාහරිමින් සිටිය දී නිලන්ත සමන් කුමාර ද සිල්වා මහතා විදේශයකින් ලද ඇණවුමක් බාරදීමට ප්‍රදේශයේ නිවසකට ගොස් ඇත. එම නිවසේ හදිසි රෝගී තත්ත්වයකින් වැටී සිටි පුද්ගලයකු දැක ඉතා බුද්ධිමත්ව හා මානව දයාවෙන් පිරි කාර්යයක නිරතවෙමින් කටයුතු කිරීමෙන් අසාධ්‍යව මිය යා හැකිව තිබූවකුගේ ජීවිතය බේරාගෙන තිබුණි.

උදාර මානව දයාවෙන් පිරි සද්කාර්යයක් සිදු කළ තම සමාගමේ නායක බෙදාහරින්නකු වන නිලන්ත සමන් කුමාර ද සිල්වා මහතාට චයිනීස් ඩ්‍රැගන් කැෆේ සමාගම විසින් එම සාඩම්බර කාර්යය වෙනුවෙන් උපහාර පුදමින් ඔහුට රුපියල් පනස්දහසක මුදල් පරිත්‍යාගයක්ද සිදු කෙරුණි.

තම සමාගමේ නායක බෙදාහරින්නකු වන නිලන්ත සමන් කුමාර ද සිල්වා මහතා විසින් සිදු කළ ආදර්ශමත් මානව හිතවාදී කාර්යයට උපහාර පිදීමේ උත්සවය අමතමින් ‘චයිනීස් ඩ්‍රැගන් කැෆේ’ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, උදේශී මහතා පැවසුවේ, ‘මෙවැනි මානව දයාවෙන් පිරි කාර්යන් සිදුකරන ‘නිලන්ත වැනි සේවකයන් අප සමඟ සේවය කිරීම සමාගමට සාඩම්බරයක් බවයි.

(Daily News)

Business News

උද්ධමනය පහළට...

අප්‍රේල් 02 2020
Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website