සිකුරාදා, 31 ජනවාරි 2020 12:02

ඒන්ජල් ඇක්වේරියම් පෞද්ගලික සමාගමට ව්‍යවසාය විශිෂ්ටතා රන් සම්මාන

දකුණු පළාත් ව්‍යවසාය විශිෂ්ටතා 2019 සම්මාන උළෙලේ දී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ, කෘෂි, මත්ස්‍ය සහ පශු සම්පත් අංශයේ රන් සම්මානයෙන් ඒන්ජල් ඇක්වේරියම් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා අචලා ප්‍රනාන්දු මහත්මිය පිදුම් ලැබුවාය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, දකුණු පළාත් ක්‍රීඩා සහ රැකී රක්ෂා අමාත්‍යාංශය එක්ව මේ උළෙල සංවිධාන කළේය. මේ සම්මානයට අමතරව ඒන්ජල් ඇක්වේරියම් පෞද්ගලික සමාගම දේශීය සහ විදේශීය සම්මාන හතළිහකට වැඩි ප්‍රමාණයක් දිනා තිබේ. ශ්‍රී ලංකාවේ විසිතුරු මසුන් අපනයනය කරන සමාගම් අතර ප්‍රමුඛයකු වන ඒන්ජල් ඇක්වේරියම් සමාගම සතුව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන තුනක් ප්‍රදේශ තුනක පිහිටා තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර පිහිටි ඔවුන්ගේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයට මේ සම්මානය හිමි විය.

සමාගමේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රධාන අපනයන මධ්‍යස්ථානය පිළියන්දල පිහිටා ඇති අතර, අනෙක් අභිජනන මධ්‍යස්ථානය බණ්ඩාරගම පිහිටා ඇත. ලුණුගම්වෙහෙර පිහිටි අභිජනන මධ්‍යස්ථානය 2000 වර්ෂයේ දී ආරම්භ කළේ ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුවය. ප්‍රදේශවාසීන්ට රැකියා අවස්ථා උදා කර දීම රජයේ අරමුණ විය. එම අරමුණ ඉටු කරමින් ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයකට රැකියා ලබා දෙමින් ඒන්ජල් ඇක්වේරියම් ලුණුගම්වෙහෙර අභිජනන මධ්‍යස්ථානය දිනෙන් දින දියුණුවට පත් විය. මේ වන විට එහි මත්ස්‍ය අභිජනනය මාසයකට දෙලක්ෂ පනස් දහසකි. ඒන්ජල් ඇක්වේරියම් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන විසිතුරු මසුන්ගේ සුවිශේෂත්වය වන්නේ නිරෝගීකම සහ දිගු ආයු කාලයයි. ඔවුන්ගේ නිෂ්පාදන ලෝකය පුරා රටවල් ගණනාවකට අපනයනය කරන අතර ඕස්ට්‍රේලියාව, ජපානය, ජර්මනිය, එංගලන්තය, තුර්කිය, ස්පාඤ්ඤය, කුවේටය, නවසීලන්තය ඒ අතර වේ. ඒ සියලු රටවල ගැනුම්කරුවන්ගෙන් ඒන්ජල් ඇක්වේරියම් නිෂ්පාදන සඳහා ලැබී ඇත්තේ ඉහළම පිළිගැනීමකි. තම සමාගම ලබන මේ සියලු ජයග්‍රහණවල ගෞරවය සමස්ත කාර්ය මණ්ඩලයට ද හිමි වන බව ඒන්ජල් ඇක්වේරියම් සමාගමේ අධ්‍යක්ෂිකා අචලා ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය.


(Dinamina)

Business News

උද්ධමනය පහළට...

අප්‍රේල් 02 2020
Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website