සදුදා, 03 පෙබරවාරි 2020 07:15

ව්‍යාපාර විශිෂ්ටතා තරු සම්මාන දෙකකින් ගයිඩ්ලයින් මාර්කටිං පිදුම් ලබයි

ගයිඩ්ලයින් මාර්කටිං පෞද්ගලික සමාගම මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසාය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සංවිධාන කළ රාජ්‍ය තරු සම්මාන 2019 (Star Awards) සම්මාන උළෙලේ දී සේවා කාණ්ඩයේ විශිෂ්ටතම ව්‍යවසායකත්වයට හිමි තරු සම්මානයෙන් සහ ව්‍යාපාර විශිෂ්ටතා තරු තුනේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේ දී ගයිඩ්ලයින් මාර්කටිං පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරි එච්. එම්. ළහිරු කුමාරසිංහ මහතා වෙත මේ සම්මාන ද්විත්වය පිරිනමන ලදි.

ගයිඩ්ලයින් මාර්කටිං සමාගමේ ප්‍රධාන ව්‍යාපාර අතර ගෘහ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ ශ්‍රී ලංකාවට ආනයනය කර අලෙවි කිරීම සහ සෝෆා, ගෘහ භාණ්ඩ නිෂ්පාදනය ද වේ. ගයිඩ්ලයින් මාර්කටිං සමාගම අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව පරිදි ඔවුන්ගේ ඇණවුම් නිවසටම ගෙනැවිත් දෙයි. ගයිඩ්ලයින් මාර්කටිං නිෂ්පාදන අතර වාස්තු විද්‍යාව හා සම්බන්ධ විවිධ අත්කම් නිර්මාණ ද වේ. ඉදිරියේ දී දකුණු ආසියානු රටවලට මේ නිෂ්පාදන සහ ගෘහ භාණ්ඩ අපනයනය කිරීමට සමාගම අපේක්ෂා කරයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය සහ කර්මාන්ත ශාලාව 7/1/B, අංකුඹුර පාර, පූජාපිටිය ලිපිනයේ ද, ප්‍රදර්ශනාගාරයක් වේරගම්තොට, හසලක ලිපිනයේ ද පිහිටා ඇත. ගයිඩ්ලයින් මාර්කටිං සමාගම දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් රැසකගෙන් සමන්විත වන අතර, ඉහළම ප්‍රමිතියෙන් යුත් විශ්වාසනීයත්වයෙන් සපිරි අනර්ඝ තත්ත්වයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහභාණ්ඩ වගකීමක් සහිතව මිල දී ගැනීමට අගනා ස්ථානයකි. ගයිඩ්ලයින් මාර්කටිං සමාගම සිය ආයතනික සමාජ වගකීම් මැනවින් අවබෝධ කර ගෙන සිටින අතර, අබාධිත පුද්ගලයන්ට රෝද පුටු හා මූල්‍ය පරිත්‍යාග සිදු කිරීම වැනි සමාජ සද්කාර්යයන් රැසකටද දායක වේ.


(Dinamina)

Business News

උද්ධමනය පහළට...

අප්‍රේල් 02 2020
Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website