සිකුරාදා, 07 පෙබරවාරි 2020 10:43

කොටගල කහට පාරිභෝගික ප්‍රණාම

ශ්‍රී ලාංකීය පාරිභෝගික ගෞරවාදරයට පාත්‍ර වූ Òකොටගල කහට - රස වාසනා ප්‍රවර්ධන වැඩසටහන, අතිසාර්ථකව පැවැත්විණ. ජයග්‍රාහකයන් වෙත TVS ස්කූටි පෙප් 20ක් පිරිනැමූ ත්‍යාග ප්‍රනෝත්සවය පසුගියදා කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

නම, ලිපිනය සහ දුරකතන අංකය සඳහන් කළ ඕනෑම ප්‍රණයේ Òකොටගල කහටÓඇසුරුමක්, තැපැල් පෙට්ටිය 161, කොළඹ යන ලිපිනයට එවූ අයදුම්කරුවන් Òකොටගල කහට - රස වාසනාÓතරගය සඳහා සුදුසුකම් ලැබූහ. ප්‍රවර්ධන වැඩසටහන පැවැති කාල සීමාව තුල Òකොටගල කහටÓප්‍රරක රථය දිවයින පුරා දිස්ත්‍රික්ක 20ක, නගර 112 ක් පුරා සංචාරය කරනු ලැබූ අතර එම ප්‍රචාරක රථයෙන්ද අයදුම්පත් භාර ගැනීම සිදුකෙරිණ.

වර්ෂ 2012 දී ඇරැඹි Òකොටගල කහටÓ, ඉතා කෙටි කාලයක් ඇතුලතදී මෙරට වෙළෙඳපොළේ තෙවැනි වැඩිම අලෙවියක් සහිත තේ සන්නාමය බවට පත් වූ අතර දේශීය තේ රසය, ගුණය සහ සුවඳ මනාව කැටිවූ අපූරු පානයක් ලෙස එය පාරිභෝගික ජනතාව අතර විශ්වාසය තහවුරු කරගන්නට සමත්ව තිබේ.

(Dinamina)

Business News

උද්ධමනය පහළට...

අප්‍රේල් 02 2020
Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website