සිකුරාදා, 07 පෙබරවාරි 2020 10:48

HNB ඇෂුවරන්ස් 62වන ශාඛාව චාවකච්චෙරියට

HNB ඇෂුවරන්ස් PLC (HNBA) සිය 62 වන ශාඛාව චාවකච්චේරි හිදී විවෘත කරයි. ජීවිතයේ සෑම පියවරක් සඳහාම වැදගත්ජීවිත රක්ෂණ විසඳුම් රාශියක්මෙම ශාඛාව මඟින් ගනුදෙනුකරුවන් වෙත ඉදිරිපත් කරනු ඇත. මෙම අවස්ථාව ආලෝකමත්කිරීම සඳහා HNBA හි සහ එහි පූර්ණ අනුබද්ධිත ආයතනයක්වන HNBGI හී කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරි දීප්ති ලොකුආරච්චි මහතා ඇතුළු HNBA හි ජේෂ්ඨ කළමනාකාරිත්වය ප්‍රධානත්වය දැරූහ.

සිය අදහස් ප්‍රකාශ කරමින් ලොකුආරච්චි මහතා පැවසුවේ, “අපගේ ශාඛා ජාලය අඛණ්ඩව පුළුල් කිරීම මගින් රට පුරා සිටින ගනුදෙනුකරුවන්ට සුවිශේෂී සේවාවක් ලබා දීමට සහ අපගේ ඉහළ පෙළේ සේවාවන් සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව සැලසීමට ඇති අපගේ කැපවීම මනාව විද්‍යමාන වේ.අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා, මෙම ශාඛාවෙන්ඔවුන්ගේ ජීවිතයේ සෑම අදියරකටම අවශ්‍ය රැකවරණ, සෞඛ්‍යය, ඉතිරි කිරීම සහ විශ්‍රාම සැලසුම් සලසාදෙයි.ප්‍රජා කේන්ද්‍රී ආයතනයක් ලෙස, අපගේ ශාඛා ජාලය ව්‍යාප්ත කිරීම මඟින් රටපුරා විශිෂ්ට ආචාරධර්ම ප්‍රමිතීන් ස්ථාපිත කිරීමට හැකිවනු ඇතිබව අපගේ බලාපොරොත්තුවයි

(Dinamina)

Business News

උද්ධමනය පහළට...

අප්‍රේල් 02 2020
Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website