අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 09:31

සිංගර් වෙතින් ගෘහස්ත කර්මාන්තවලට මහන මැෂින්

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ ද පුරෝගාමියා වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ත, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් යුතුව, නවතම මහන මැෂින් මාදිලි ගණනාවක් පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කර තිබේ. මහන මැෂින් සම්බන්ධ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විශ්වාසවන්ත නාමය ලෙසින්, ලොක්ස්ටිච් මැෂිමේ සිට ඕවර්ලොක් මැෂිම දක්වාම ආයතනික හා ගෘහස්ත, මැහුම් කර්මාන්තයට අදාළ සෑම මාදිලියකම මැෂින් වෙළෙඳපොළට නිකුත් කර ඇත. සිංගර්, මැහුම් කර්මාන්තය දිරිමත් කිරීම මෙන්ම එහි දියුණුවට අතහිත දීම වෙනුවෙන් දීර්ඝ කාලීනව කටයුතු කරයි.

1877 වසරේදී මුල් වරට, ශ්‍රී ලංකාවේ සිංගර් මහන මැෂින් අලෙවිය ඇරඹූ දින සිට මේ දක්වාම වසරින් වසර සාර්ථක ප්‍රගතියක් අත්පත් කර ගනිමින් රට පුරා ප්‍රදර්ශනාගාරවල එකසේ සිංගර් මැෂින් අලෙවි කෙරෙයි. ඒ සිංගර් නාමය දීර්ඝකාලීනව පවත්වාගෙන එන අඛණ්ඩ විශ්වාසය හේතුවෙනි. අද වන විට සිංගර් සිය සන්නාමයේ මහන මැෂින් පමණක් නොව, ලොව ප්‍රචලිත විශාල සන්නාම ගණනාවකින් මහන මැෂින් පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කරමින් අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය සමගින් දිවයින පුරා ප්‍රදර්ශනාගාර තුළ ඉතා සාධාරණ මිල ගණන්වලින් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන් හට සලසා දී තිබේ.

(Dinamina)

Business News

උද්ධමනය පහළට...

අප්‍රේල් 02 2020
Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website