සෙනසුරාදා, 15 පෙබරවාරි 2020 10:41

HNB FINANCE ගම්පහ ශාඛාව නව නිව­හ­න­කට

වසර 19ක් පුරා ශ්‍රී ලාංකීය පාරි­භෝ­ගික ජන­තාව වෙත නම්‍ය­ශීලී මූල්‍ය සේවා­වන් තිළිණ කළ HNB ෆිනෑන්ස් සමා­ගමේ ගම්පහ ශාඛාව අංක 103, බෞද්ධා­ලෝක මාවත ගම්පහ යන ලිපි­න­යෙහි වඩාත් ඉඩ පහ­සු­කම් සපිරි ගොඩ­නැ­ගි­ල්ල­කට පසු­ගි­යදා ගෙන යන ලදි.

අභි­නව HNB FINANCE ගම්පහ ශාඛාව සහ රන් සේවා ඒක­කය HNBFINANCE හි කළ­ම­නා­කාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධා­යක නිළ­ධාරී චමින්ද ප්‍රභාත් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා විවෘත කෙරුණි. මෙම අව­ස්ථා­වට HNBFINANCE හි නිල­ධා­රීන් ඇතු­ළුව විශාල පිරි­සක් එක් වූහ.

රන් ණය ක්ෂේත්‍රය බැංකු සහ මූල්‍ය සමා­ගම් අතර ප්‍රච­ලි­තව ඇතත් වඩාත් විධි­මත්ව හා විශ්ව­ස­නීය ලෙස මෙම සේවාව සැප­යීම සඳහා ඉදි­රි­පත් ව සිටින මුල්‍ය සමා­ගම් අතර HNBFINANCE සමා­ගම වේග­යෙන් ඉදි­රි­යට පැමි­ණෙ­මින් සිටින්නේ ගනු­දෙ­නු­ක­රු­වන් කෙරෙහි දක්වන සැල­කිල්ල සහ ගනු­දෙ­නුව අභි­බවා යන සුහද සේවාව යන කරුණු හේතු­වෙනි. විශේ­ෂ­යෙන් HNBFINANCE මගින් සප­යනු ලබන සිය­ළුම මූල්යත සේවා­වන් සේම HNBFINANCE රන් ණය සේවා­වද ඉතා සීඝ්‍ර­යෙන් පාරි­භෝ­ගික ප්‍රදය සහ ආක­ර්ශ­නය දිනා ගැනී­මට සම­තව තිබීම විශේ­ෂ­ත්ව­යකි.

(Dinamina)

Business News

උද්ධමනය පහළට...

අප්‍රේල් 02 2020
Image

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website